අද අපි කියන්නේ ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රියතම වගේම අනන්‍ය Dessert වර්ග කිහිපයක් ගැන. බලන්න මේ අතරින් දැනටමත් ඔයා රස බලලා තියෙන්නේ මොනවද කියලා.
1 . ජාතියේ ප්‍රියතම කේක් වර්ගය
ඕස්ට්‍රේලියානු ජාතිකයන්ගේ ප්‍රියතම කේක් වර්ගය Lamingtons කිව්වොත් බොහෝ දුරට හරි. Lamingtons කියන්නේ චොකලට් තවාරලා වියළි පොල් වල දැවටු ස්පොන්ජ් කේක් වලින් සාදන ඕස්ට්‍රේලියානු අතුරුපසක්. සමහර විට මේකේ මැද ජෑම් හෝ ක්‍රීම් තට්ටුවක් ද තිබෙන අවස්ථා තිබෙනවා.
මේක ඕස්ට්‍රේලියාවේ bakeries වල, supermarkets වල සහ school fundraisers වල නිතරම දකින්නට ලැබෙන කෑමක්. AUD 3-6 ක් වගේ මුදලකට ලබා ගන්න පුළුවන්.
2 . නවසීලන්තයත් අයිතිවාසිකම් කියන කෑමක්
මේ තමයි Pavlova. Pavlova කියන්නේ crispy outer shell එකක් සහිත meringue සහිත අතුරුපසක්. මේකේ මැද මෘදු, මාෂ්මෙලෝ වැනි ස්වභාවයක් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් whipped cream සහ kiwi, passionfruit, සහ strawberries වැනි නැවුම් පලතුරු වලින් ආවරණය කර තිබෙනවා.
මේ Pavlova වල අනන්‍යතාවයට ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් දෙකම ඔවුන්ගේ සම්භවය ප්‍රකාශ කරනවා. කොහොම වුණත් මේ රටවල් දෙකෙහිම ප්‍රියතම කෑමක් ලෙස Pavlova හඳුන්වන්න පුළුවන්. AUD 10-20 ක් වගේ මුදලකට ඔයාට මේක රස බලන්න පුළුවන්.
3 . සුරංගනා ලෝකෙන් ළමයින්ට එවපු කෑමක්
මේ තමයි Fairy Bread. White bread, butter, සහ වර්ණවත් sprinkles වලින් සාදන ලද ඕස්ට්‍රේලියානු ළමයින් අතර ගොඩක් ජනප්‍රිය snack එකක්.
එහි සරල බව සහ විචිත්‍රවත් පෙනුම නිසා එය උපන්දින සාද සහ celebrations වලදී නිතර දකින්න පුළුවන්. AUD 2-4 ක් වගේ මුදලකට ලබා ගන්න පුළුවන්.
4 . ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රියතම චොකලට් බිස්කට්
ඒ තමයි Tim Tams. Tim Tams ඕස්ට්‍රේලියාවේ වඩාත් ප්‍රසිද්ධ චොකලට් බිස්කට් එක. මේක චොකලට් ක්‍රීම් මැදිවුන malted biscuit layers දෙකකින් සමන්විත වෙනවා.
“Tim Tam Slam” කියන්නේ Tim Tams කන්න කවුරුත් කැමති විනෝදජනක ක්‍රමයක්. AUD 4-8 ක් වගේ මුදලකට Tim Tams packet එකක් මිලදී ගන්න පුළුවන්.
5 . ඉතිහාසයට උපහාරයක් දෙන කෑමක්
පලවෙනි ලෝක යුද්ධයේදී Australian and New Zealand Army Corps (ANZAC) සොල්දාදුවන් සඳහා හදපු කෑමක් තමයි Anzac Biscuits.
මේ oats යොදා සකසපු බිස්කට් තරමක් හපෙනසුලු ගතියකින් සහ මද පැණි රැසකින් යුක්ත වෙන අතර දිගු කාලයක් තබාගත හැකි වෙන්න බිත්තර වෙනුවට golden syrup යොදාගෙන තිබෙනවා. AUD 5-10 ක් වගේ මුදලකට packet එකක් මිලදී ගන්න පුළුවන්.
- සාම්ප්‍රදායික පාන් වර්ගයක්
Damper කියන්නේ සරල ඕස්ට්‍රේලියානු පාන් වර්ගයක්. අතීතයේදී මේක swagmen වරු (සංචාරක සේවකයින්) විසින් කඳවුරු ගින්න මත තමයි පිස ගෙන තිබෙන්නේ.
පිටි, ජලය සහ ලුණු මිශ්‍ර කර සාදන ලද මෙහි තරමක rustic texture එකක් තමයි තියෙන්නේ. butter, jam, හෝ golden syrup සමඟ වඩාත් රසවත්. AUD 5 -12 වගේ මුදලකට රස බලන්න පුළුවන්.