අද අපි කියන්න හදන්නේ Adelaide වල තියෙන සුපිරිම තැනක් ගැන. මෙතන ගොඩක්ම ප්‍රසිද්ධ අපි හැමෝගෙම ප්‍රියතම කෑමක් වෙන කොත්තු වලට. මේ තමයි ‘Kottu Co.’ ඔයා Adelaide ඉන්න කෙනෙක්නම් සමහරවිට ‘Kottu Co.’ එකේ කොත්තු රස බලලා ඇති.
ඉතින් මේකට ආවොත් ඔයාට විවිධ මිල ගණන් වලට රසම රස කොත්තු වර්ග ගොඩක් රස බලන්න පුළුවන්. Family chicken kottu එක කිහිප දෙනෙක් එකතු වෙලා කනවනම් ගොඩක් ලාබයි. මෙත් එක්ක 1.25L drink එකක් සහ Large Curry එකක් ලැබෙනවා. මේ curry එක සහ drink එක ඔයා කැමති විදිහට select කරගන්න පුළුවන්.
ඒ වගේම Snack Size Chicken Kottu එකත් හරිම විශේෂයි. මේකට ඔයාට Add Ons විදිහට Cheese, Bacon, Pineapple, Tofu, Hot Chips, Extra Egg, Extra Double Egg, Extra Chilli Paste, Extra Onion Sambol, Extra Chicken Curry, Extra Tomato curry වගේ දේවල් ඉතාම අඩු මුදලකට එකතු කරගන්න පුළුවන්. ඔයා Beef Kottu එකක් ගත්තත් මේ Add Ons ටික ඔයාට ඒ විදිහටම ලැබෙනවා.
ඒ වගේම ‘Kottu Co.’ එකට එන ඔයාට රස බලන්න පුළුවන් තවත් විශේෂම දෙයක් තමයි මෙයාලගේ රොටි. එක එක වෙනස් රසයන්ගෙන් රොටි වර්ග ගොඩක් මෙහෙ තියෙනවා. Pineapple රොටි, චොකලට් රොටි, Honey Nut රොටි, Choc Strawberry රොටි, Nutella රොටි, Sweet Coconut (පැණි පොල්) රොටි ඒ අතරින් විශේෂයි. පුංචි මුදලකට ඔයාට අමතර Ice cream scoop එකක් සහ Nuts එකතු කරගන්න පුළුවන්.
ඔයත් රොටි පරාටා වලට කැමති කෙනෙක්නම් මෙයාලගේ Family Meal එකටත් ඔයා කැමති වෙයි. මේකෙදි බිත්තර රොටි 4, plain රොටි 8ක් එක්ක ඔයා කැමති Large Curry එකක් සහ ලුණු මිරිස් සමග 1.25L Drink එකකුත් ගන්න පුළුවන්. ඒ වගේම මේක ඔයාට අවශ්‍ය විදිහට විවිධ මිල ගණන් යටතේ වෙනස් කරගන්නත් පුළුවන්. ඔයා කැමති curry එකක් තෝරාගන්න පුළුවන් වගේම පොඩි මුදලක් ගෙවලා Add Ons එකතු කරගන්න පුළුවන්.
ඉතින් මේ රසම රස කොත්තු වගේම රොටි වර්ග Glenside වල ‘Kottu Co.’ එකට ගිහින් රස බලන්න වගේම ගෙදරටම ගෙන්වාගන්නත් පුළුවන්. වැඩි විස්තර දැනගන්න වගේම මිල ගණන් බලාගන්නත් පහත link එකෙන් ‘Kottu Co.’ website එකට යන්න.
Address: Kottu Co., 308 Greenhill Rd, Glenside SA 5065
Tel: +61 422 511 128
Website: https://kottu-co.square.site/