නේපාලයේ විරෝධතාකරුවන්ට පොලීසිය වෙඩි තබා ඇති අතර, Kathmandu නුවර පැවති ප්‍රචණ්ඩ විරෝධතාවලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
රජයේ දූෂණ චෝදනා සහ සමාජ මාධ්‍ය තහනම සම්බන්ධයෙන් විරෝධතාකරුවන් කෝපයට පත්ව සිටි අතර, පාර්ලිමේන්තුවට කඩා වැදීමට උත්සාහ කිරීමේදී මෙම තත්වය ඇති වී තිබුනා.
රට පුරා පැවැත්වෙන මාරාන්තික දූෂණ විරෝධී විරෝධතා හමුවේ නේපාල අගමැති KP Sharma Oli ඉල්ලා අස්වී ඇති බව ඔහුගේ සහායකයෙක් පැවසුවා.
සමාජ මාධ්‍ය තහනමක් සම්බන්ධයෙන් පැවති රාජ්‍ය විරෝධී පෙළපාලිවල දෙවන දිනයේදී නේපාලයේ විරෝධතාකරුවන් රටේ ඉහළම දේශපාලන නායකයින්ගේ නිවාස ගිනි තබා ඇති අතර එය Kathmandu ජාත්‍යන්තර ගුවන්තොටුපළ අර්ධ වශයෙන් වසා දැමීමට පවා හේතු වුණා.
සමාජ මාධ්‍යවල බෙදාගත් ප්‍රාදේශීය වාර්තා සහ වීඩියෝවලින් පෙනී ගියේ විරෝධතාකරුවන් Kathmandu සහ ඒ අවට ඉහළම දේශපාලන නායකයින්ගේ නිවාසවලට පහර දෙන බවයි. අගනුවර සහ අනෙකුත් නගරවල ඇඳිරි නීතිය පනවා ඇති අතර Kathmandu වල පාසල් වසා දමා තිබෙනවා.
ගිනි තැබූ නිවාස අතර විශාලතම පක්ෂය වන නේපාල කොංග්‍රසයේ නායක Sher Bahadur Deuba, ජනාධිපති Ram Chandra Poudel, ස්වදේශ කටයුතු අමාත්‍ය amesh Lekhak සහ නේපාල මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ නායක Pushpa Kamal Dahal යන අයගේ නිවාසද වෙනවා.
වත්මන් විදේශ අමාත්‍යවරයා වන Deuba මහතාගේ බිරිඳ වන Arzu Deuba Rana ට අයත් පෞද්ගලික පාසලක් ද මෙලෙස ගිනි තබා තිබෙනවා.