දන්නා කතාවක අලුත් පැත්තක්

  • Home
  • /
  • Art
  • /
  • දන්නා කතාවක අලුත් පැත්තක්

මේ කතාවට පාදක වෙලා තියෙන්නේ 1976 තරම් ඈත කාලයක ජැමෙයිකාව. Bob Marley ගේ නිවසට තුවක්කුකරුවන් හත් දෙනෙක් කඩා වදිනවා. Machine තුවක්කු පත්තු වෙනවා. Reggae සුපිරි තරුව දිවි ගලවා ගන්නවා. නමුත් තුවක්කුකරුවන් කවදාවත් අල්ල ගත්තේ නැහැ.

මෙම, 2015 Booker Prize එක දිනපු විශිෂ්ට කෘතිය තුළ Marlon James මෙම මිථ්‍යා සිදුවීම පිටුපස ඇති කතාව විමර්ශනය කරනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ වීදි දරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මාධ්‍යවේදීන්, ගණිකාවන්, තුවක්කුකරුවන් සහ රහස් සේවා නියෝජිතයන් වටකොට දශක තුනක් පුරා විහිදෙන සිත් ඇදගන්නාසුළු, මහාද්වීප තරණය කිරීමට සමත් කතාවක්.

මේ පොතේ නම තමයි ‘A Brief History of Seven Killings’. මේ තුළ බොහෝ දේ කැටි වෙලා තියෙනවා. ත්‍රාසජනක දේශපාලනය සහ හැත්තෑව දශකයේ ඇමරිකානු අධිරාජ්‍යවාදය පිළිබඳ කෙටි දැක්මක් ලෙසත් මෙය හැඳින්වෙනවා. මේක The Sopranos සහ The Wire කියන series දෙකෙහි එකතුවක් වගේ කියලත් සමහර පාඨකයෝ කියනවා. 

මේක 2025 Man Booker Prize එක විතරක් නෙවෙයි Anisfield-Wolf Book Award, Green Carnation Prize, Minnesota Book Award, OCM Bocas Prize for Caribbean Literature වගේ සම්මාන ගණනාවක් දිනාගන්න වගේම තව බොහෝ සම්මාන සඳහා නිර්දේශ වෙන්නත් සමත් වෙලා තියෙනවා.

ඉතින් ඔයත් Marlon James ගේ ‘A Brief History of Seven Killings’ කියවලම බලන්න.

Image credit: https://www.richardmilnerauthor.com/ 

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025