අද අපි අරගෙන ආවේ South Australia වල කෙටි නිවාඩුවකට යන්න පුළුවන් සුන්දරතම ස්ථාන 2ක් ගැන.
Yorke Peninsula
ඇඩිලේඩ් සිට පැය දෙකකට වඩා වැඩි දුරකින් යුත් Yorke Peninsula ඉතා අලංකාර ස්ථානයක්. මෙහිදී ඔබට 700km ක වෙරළ තීරයක් සහ සුන්දර Innes ජාතික වනෝද්‍යානය දැකගන්න පුළුවන්. එය පිහිනීම, surfing කිරීම, මසුන් ඇල්ලීම, කඳවුරු බැඳීම සහ bush walking සඳහා වඩාත් ගැලපෙන ස්ථානයක්.
සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන oyster boat එකකින් චාරිකාවක් යන්න, වයින් කර්මාන්තශාලා සහ බීර කර්මාන්තශාලා නරඹන්න වගේම Marion Bay Tavern හි ආහාර වේලක් රස විඳින්නත් අමතක කරන්න එපා.
Port Elliot
ඇඩිලේඩ් සිට පැයකට වඩා වැඩි දුරකින් Port Elliot හි ඉතා දර්ශනීය වෙරළ තීරයන්, හුරුබුහුටි ගෘහ භාණ්ඩ සාප්පු, විචිත්‍රවත් cafes සහ chic, වෙරළබඩ කුටි ආදිය දැකගන්න පුළුවන්. මේ ප්‍රදේශයට රටේ සුන්දරම වෙරළ තීරයන් කිහිපයක් අයිති නිසා එය පිහිනීම, surfing සහ kayaking වඩාත් හොඳ ස්ථානයක්.
ඒ වගේම තල්මසුන් බලන්න, බයිසිකල් පදින්න, skydiving සහ ballooning සඳහා මේ ප්‍රදේශය සිසිල් කාලගුණයක් ඇති කාලයට කදිම තෝතැන්නක්. ලෝක ප්‍රසිද්ධ McLaren Vale වයින් කලාපයට චාරිකාවක් යන්න, Flying Fish Cafe හි al fresco දිවා ආහාරය සහ Port Elliot බේකරියේ මාසයේ ප්‍රසිද්ධ ඩෝනට් රස බලන්නත් අමතක කරන්න එපා.