ඔයාගේ අවශ්‍යතාවලට ගැලපෙන විදිහට අධ්‍යයන රටාවක් තෝරාගන්න ඔස්ට්‍රේලියාව තුළ පහසුකම් තිබෙනවා. ඉතින් මේ අධ්‍යාපන විකල්ප අතර විශ්වවිද්‍යාලයක් තුළ අධ්‍යාපනය ලබා ගන්න, Online අධ්‍යාපනය වගේම ‘Twinning’ agreement අවස්ථාත් ලැබෙනවා.
අද අපි කතා කරමු ඕස්ට්‍රේලියාව තුළ ඔයාට Online study වලට තිබෙන අවස්ථා ගැන.
Online study
ඕස්ට්‍රේලියාව ලෝකයේ ඕනෑම තැනක සිට අන්තර්ජාතික මට්ටමේ අධ්‍යාපන අවස්ථා සඳහා online access ලබා දෙනවා. ඔයාට short courses සහ micro-credentials වල සිට සම්පූර්ණ higher education degrees දක්වා අවස්ථා තෝරා ගන්න පුළුවන්.
මාර්ගගතව ඉගෙනගැනීමේ වාසි අතර;
- ඔබට අවශ්‍ය වෙලාවට පහසු තැනක සිට අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන් වගේම
- පවුල සහ රැකියාව වැනි අනෙකුත් වගකීම් සමඟ ඔබේ ඉගෙනීම කළමනාකරණය කරගන්න පුළුවන්.
- ඒ සමගම ඔයාට ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාතික මට්ටමේ සුදුසුකම් වෙත ප්‍රවේශ වෙන්න පුළුවන් වගේම ප්‍රමුඛ පෙළේ academics වලින් ඉගෙන ගන්නත් අවස්ථාව තිබෙනවා.
- නිවසේ සිට ඉගෙනීමෙන් ඔයාට නවාතැන් සඳහා වන මුදල් ඉතිරි කර ගන්න පුළුවන්.
- ඔබට Study Australia Industry Experience Program වැනි විෂය බාහිර අවස්ථා වෙත ප්‍රවේශ වෙන්නත් අවස්ථාව තිබෙනවා.