තරඟාවලියේ හොඳම පිතිකරුවා සමග ජය තහවුරු කරන සටනට

  • Home
  • /
  • Sports
  • /
  • තරඟාවලියේ හොඳම පිතිකරුවා සමග ජය තහවුරු කරන සටනට

2025  ක්‍රිකට් තරඟාවලියේ B කාණ්ඩය යටතේ පැවැත්වෙන අවසාන තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය අතර සැප්තැම්බර් 18 වන බ්‍රහස්පතින්දා (Canberra වේලාවෙන් සිකුරාදා අලුයම) අබුඩාබි හි දී පැවැත්වෙනවා. 

හොං කොං කණ්ඩායමට එරෙහිව ලබාගත් තියුණු ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටිනවා.

මෙලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි Sheikh Zayed ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරඟය ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව යන දෙරටටම ඉතා තීරණාත්මක තරඟයක් වෙනවා. මෙම ‘ජයග්‍රහණය කළ යුතු’ තරඟය සුපිරි 4 දෙනාගේ අදියරට පිවිසෙන කණ්ඩායම තීරණය කරනවා. 

මෙම තරඟය ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කලොත් ශ්‍රී ලංකාව, බංගලාදේශය හා ඇෆ්ගනිස්තානය ප්‍රසාද ලකුණු 4 බැගින් ලබාගෙන සම මට්ටමට පැමිණෙනවා. එසේ වුවහොත් සුපිරි 4 දෙනාගේ තරඟ වටයට සුදුසුකම් ලැබීම සඳහා NRR අගය සලකා බැලෙන අතර මේ වන විට ශ්‍රී ලංකාව, බංගලාදේශය හා ඇෆ්ගනිස්තානය පිළිවලින් +1.546, -0.270 සහ +2.150 ලෙස දළ ලකුණු ලබාගැනීමේ වේගයක් සටහන් කර තිබෙනවා.  

ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කළහොත් දැනටමත් ඇති ඉහල NRR අගය සමග ඔවුන් ඉතා පහසුවෙන් ලකුණු සටහනේ පෙරමුණට යනවා. එත් සමග ගැටළුව යොමු වෙන්නේ ශ්‍රී ලංකාව සහා බංගලාදේශය දෙසටයි. ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් ජය පැරදුම කෙසේ වෙතත් ඉතා හොඳ තරඟයක් ලබා දී NRR අගය බංගලාදේශයට වඩා ඉහල මට්ටමක තබා ගැනීමට සිදු වෙනවා.

එම නිසා අවසන් සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට මෙය ශ්‍රී ලංකාවට වඩා තීරණාත්මක තරඟයක් වෙනවා. කෙසේ හෝ ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවහොත් ඔවුන් තරඟ වදින අවසන් පූර්ව වටයේ ප්‍රථම තරඟය සෙනසුරාද (Canberra වේලාවෙන් ඉරිදා අලුයම) පැවැත්වෙනවා.

B කාණ්ඩයේ තත්වය උණුසුම් වෙද්දී A කාණ්ඩය යටතේ ඉන්දියාව සහ ඕමානය අතර තවත් තරඟයක් ඉතිරිව තිබියදීම අවසන් සුපිරි 4 දෙනාගේ තරඟ වටය සඳහා සුදුසුකම් ලැබීමට ඉන්දියාව සහ පාකිස්තානය සමත්ව තිබෙනවා.

මේ අතර තවත් සුවිශේෂීත්වයක් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක තරඟ 2ක් පමණක් ක්‍රීඩා කරමින් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස අංක 1 රැඳී සිටීමයි. ඔහු මුළු ලකුණු 118ක් ලබා ගනිමින් එලෙස පෙරමුණේ පසු වෙනවා. ඒ වගේම පැතුම් නිස්සංක තරඟාවලියේ ඉනිමකදී රැස් කල වැඩිම ලකුණු ලාභීන් අතර 3 වැනි ස්ථානයේ ද පසු වෙනවා. 

තරඟාවලියේ ලකුණු ලැබීමේ සාමන්‍ය අගය අතින් කමිල් මිශාර 65ක සාමාන්‍ය අගයක් සමග 2වන ස්ථානයේ පසුවන අතර 59ක අගයක් සමග පැතුම් නිස්සංක 3 වන ස්ථානයේ පසු වෙනවා. 

තරඟාවලියේ ශතක රැස් කිරීමට මෙතෙක් කිසිවෙක් සමත් නොවූ අතර ඒ අනුව වැඩිම අර්ධ ශතක ලාභියා වන්නේද, අර්ධ ශතක 2ක් රැස් කිරීමට සමත් එකම ක්‍රීඩකයා වන පැතුම් නිස්සංකයි. ඒ වගේම ඔහු තරඟාවලියේ වැඩිම 4 පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයාද වෙනවා. ඒ අනුව එම 4 පහර 12 සහ 6 පහර 3ක් සමගින් තරඟාවලියේ වැඩිම Boundaries ගණනකට හිමිකම් කියන්නේ ද පැතුම් නිස්සංකයි.

Image credit: https://www.espncricinfo.com/ 

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025