Melbourne වල මැවෙන චීන ලෝකය

  • Home
  • /
  • Art
  • /
  • Melbourne වල මැවෙන චීන ලෝකය

චීන සම්ප්‍රදායට ආදරය කරන ඔයාට ඉතා වටිනා අවස්ථාවක් ගැන තමයි මේ අරගෙන ආවේ. මේ තමයි පස්වන වරටත් Melbourne වල පැවැත්වෙන සම්ප්‍රදායික සංස්කෘතික උළෙල.

සාම්ප්‍රදායික චීන නැටුම්, සජීවී සංගීතය, මකර සහ සිංහ නැටුම් සහ විශේෂ Gu Feng fusion x EDM performance, පුරාණ සම්ප්‍රදායික තනු වල අලංකාරය සමකාලීන රිද්මයන් සමඟ මුසු කරමින් ගෙනෙන ආකර්ශනීය වැඩසටහනක් අත්විඳින්න මෙහිදී ඔයාට අවස්තාව තිබෙනවා.

Hanfu ඇඳුම්, අත්කම්, සංස්කෘතික සමරු භාණ්ඩ සහ විවිධ රසවත් චීන වීදි ආහාර වලින් සමන්විත කුටි 20 කට අධික සංඛ්‍යාවක් සහිත දැවැන්ත වෙළඳපොළක් ද මෙයට ඇතුළත්. මෙම වසරේ, Dunhuang බිතුසිතුවම්, චීන මිථ්‍යා කථා සහ පැන්ඩා ගුහාවක් මෙම උළෙලට වෙනස්ම අත්දැකීමක් එක කරන්න සූදානමෙන් සිටිනවා.

චීන කලාවන්ට සහ සංස්කෘතියට ආදරය කරන ඔයාට pitch pot, චීන අක්ෂර වින්‍යාස, lacquered fan decorating සහ තවත් බොහෝ විනෝදජනක ක්‍රියාකාරකම් හරහා සංස්කෘතික උරුමයන් සමඟ අත්වැල් බැඳගන්න අවස්ථාව තිබෙනවා.

ඉතින් මේ විශිෂ්ඨ ඓතිහාසික සංස්කෘතිය, ආහාර හා තවත් බොහෝ දේ රස විඳින්න ඔයත් අනිවාර්යයෙන්ම මේ ‘Chinese Traditional Cultural Festival’ එකට එන්න.

Hours

Sat 20 Sep 11 am – 10 pm

Sun 21 Sep 11 am – 8 pm

 

Location

Fed Square

Swanston St & Flinders St

Melbourne 3000

 

Contact details

Tel: 0489 206 125

Email: info@macrovision.au

Visit website: https://www.chinesetraditionalculturalfestival.com/

 

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025