මත්පැන් පානය කළ හැකි අවම වයස දන්නවද?

  • Home
  • /
  • Blog
  • /
  • මත්පැන් පානය කළ හැකි අවම වයස දන්නවද?

මත්පැන් භාවිතය සෞඛ්‍ය වගේම සමාජීය වශයෙනුත් අහිතකර බලපෑම් ඇති කරන්න හේතු වෙනවා. ඒ නිසාම ලෝකය පුරාම දුම්කොළ සහ මත්පැන් භාවිතය සම්බන්ධව යම්කිසි නීති රීති සහ සීමාවන් පනවලා තිබෙනවා. අද අපි බලමු ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වෙන දුම්කොළ හා මත්පැන් සම්බන්ධ මූලික නීති ගැන.

දුම්කොළ, මත්පැන් සහ නීතිය

සියලුම ගුවන්තොටුපළවල්, රජයේ කාර්යාල සහ සේවා ස්ථාන ඇතුළුව ඕස්ට්‍රේලියාවේ බොහෝ පොදු ස්ථානවල දුම්පානය තහනම් කර තිබෙනවා. බොහෝ states සහ territories වල restaurants, bars, clubs සහ shopping centres වලත් දුම්පානය තහනම් කර තිබෙනවා. බොහෝ states වල වයස අවුරුදු 18 ට අඩු දරුවන් සිටින වාහන වලත් දුම්පානය කිරීම නීති විරෝධීයි. 

සෑම විටම නොවුනත් බොහෝ අවස්ථා වල දුම් නොබොන ප්‍රදේශ සලකුණකින් දක්වලා තිබෙනවා. බාලවයස්කරුවෙකුට (එනම්, අවුරුදු 18 ට අඩු කෙනෙකුට) දුම්කොළ නිෂ්පාදන විකිණීම නීතියට පටහැනියි. බාලවයස්කරුවෙකුට දුම්කොළ ලබා දීමත් බොහෝ states සහ territories වල තහනම්.

ඕස්ට්‍රේලියාවේ මත්පැන් පානය කිරීම නීත්‍යානුකූල නමුත් ඒ ඇතැම් ස්ථානවල නිශ්චිත වේලාවන්හිදී පමණයි. බොහෝ පොදු ස්ථානවල මත්පැන් පානය කිරීම සහ විකිණීම තහනම් කර තිබෙනවා. 

ඕනෑම අයෙකු විසින් බාලවයස්කරුවෙකුට (වයස අවුරුදු 18 ට අඩු කෙනෙකුට) මත්පැන් විකිණීම හෝ සැපයීම නීතියට පටහැනියි. පෞද්ගලික නිවසක් වැනි පෞද්ගලික දේපළක දී හැර බාලවයස්කරුවෙකු මත්පැන් පානය කිරීමත් නීතියට පටහැනියි. 

බාලවයස්කරුවන් නිවස තුළ මත්පැන් පානය කිරීම නීත්‍යානුකූල වුණත්, එය සාමාන්‍යයෙන් ඔවුන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සඳහා සමාජීය වශයෙන් පිළිගත නොහැකි යැයි සැලකෙනවා. මේ ගැන වැඩි විස්තර www.quitnow.gov.au හා www.alcohol.gov.au වෙබ් අඩවිවලින් දැනගන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025