කලින් article එකකින් අපි කිව්වා road trip එකක් යන්න ඉන්න ඔයාට බාධාවක් නැතුව ගමන ගිහින් එන්න පුළුවන් වෙන විදිහට ඔයාගේ වාහනය check කරලා හදාගන්නේ කොහොමද කියලා.
දැන් ඔයාගේ වාහනය ready. අපි අද ඔයාගේ road trip එක plan කරමු.
ඔයා යන්න හිතන පාර මොකක් හරි අලුත්වැඩියාවක්, ඉදිකිරීමක් එහෙමත් නැත්නම් වෙනත් මොකක් හරි ස්වභාවික ආපදාවක් නිසා වසා දමා තිබෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අනපේක්ෂිත බාධාවක් වෙන එක වලක්වා ගන්න ඔයාට පුළුවන් ඔයාගේ route එක කලින්ම plan කරන්න.
කොහොම වුණත් අයහපත් කාලගුණය අනපේක්ෂිත දෙයක්. ඒ නිසා ඔයා plan කරගත්ත route එක ගැන වන live update ගැන අවධානයෙන් ඉන්න.
- ඔබේ ගමන සිතියම්ගත කරගන්න: සජීවී රථවාහන තදබදයන් වගේ තත්ත්වයන් දැනගැනීම සඳහා GPS හෝ වෙනත් map app එකක් භාවිතා කිරීම නිතරම update වෙන්න උදව්වක්. එවිට ඔයාට අවශ්‍ය විදිහට සැලසුම් කරපු ගමන් මාර්ගය වෙනස් කරගන්න පුළුවන්.
- විවේක ගන්න ස්ථාන සහ fuel stops සැලසුම් කරන්න: ඔයාගේ road trip එක අතරතුර අවශ්‍ය පරිදි විවේක ගැනීමටත් වාහනය පදවන කෙනාගේ මහන්සිය ගැන සැලකිලිමත් වීමටත් අමතක කරන්න එපා. දිගු දුරක් යනවනම් මාරුවෙන් මාරුවට drive කරන්න. ඒ වගේම රාත්‍රී නවාතැන් ගන්න ස්ථානත් කලින් සැලසුම් කරන්න.
- අධික රථවාහන තදබදයෙන් වැළකී සිටින්න: කිසිම කෙනෙක් කැමති නැහැ තමන් ගත කරන්න යන නිවාඩුව රථවාහන තදබදයේ හිර වෙලා ගෙවා දමන්න. ඒ නිසා වඩාත් විනෝදජනක සහ විවේකී ගමනක් සඳහා, ඔබට හැකි නම්, කාර්යබහුල නොවන වේලාවන්හිදී ගමන් කිරීමට යොදා ගන්න.
- ඔයාගේ playlist එක ලෑස්ති කරගන්න: ඕනෑම හොඳ road trip එකකට විශිෂ්ට playlist එකක් අවශ්‍යයි. හැබැයි ඔයා දැනගෙන හිටියද ඔයා සවන් දෙන සංගීතය ඔයාගේ රිය පැදවීමට බලපාන බව?