බොඳව යන ආසියානු කුසලාන සිහිනය

  • Home
  • /
  • Sports
  • /
  • බොඳව යන ආසියානු කුසලාන සිහිනය

ඊයේ පාකිස්තානය සමග පැවති තරඟය පරාජය වීමත් සමග ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන සිහිනය තව තවත් ඈතට ගියා.

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දු යැවීමට තීරණය කල අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 133ක් රස කළා. ඊයේ දවසේ වගකීම අතට ගත් කමිඳු මෙන්ඩිස් පන්දු 44කදී ලකුණු 50ක් රැස් කළා. චරිත් අසලංක ලකුණු 20ක් හා බොහෝ කාලයකින් තරඟ බිමට පිවිසි චාමික කරුණාරත්න නොදැවී ලකුණු 17යි. පන්දු යැවීමේදී ශහීන් අෆ්රිඩි ලකුණු 28කට කදුළු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 18කදී කඩුළු 5ක් දැවී ලකුණු 138ක් රැස් කළා. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුළු 2 බැගින් බිඳ දැමීමට සමත් වුණා.

මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා. ශ්‍රී ලංකාව අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහි තරඟය ඉහළ NRR අගයක් සමග ජයග්‍රහණය කළ යුතු අතර බංගලාදේශ කණ්ඩායම ඉන්දියාව හා පාකිස්තානය සමග පැවතෙන තරඟ ජයග්‍රහණය කිරීමද අවශ්‍ය වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට ඇත්තේ ඉතා අවම ඉඩක්.

සුපිරි 4 දෙනාගේ වටයේ අවසන් තරඟය ලෙස ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තරඟය සැප්තැම්බර් 26 වන දා ඩුබායි හි දී පැවැත්වෙනවා.

Image credit: cricketgully.com

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025