Transnational education (TNE) වැඩසටහන් පිරිනමනු ලබන්නේ ඕස්ට්‍රේලියාවෙන් පිටත වෙනත් රටවල කැම්පස් ඇති ඕස්ට්‍රේලියානු සැපයුම්කරුවන් විසින්.
ඕස්ට්‍රේලියානු TNE තුළ, ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කිරීමට ඔබව සූදානම් කිරීමට අවශ්‍ය අධ්‍යාපනයක් හෝ සම්පූර්ණ අධ්‍යාපන සුදුසුකමක් ඇතුලත් වෙන්න පුළුවන්. TNE සමඟ, ඔයා ජීවත් වෙන ප්‍රදේශයේ සිටම සම්පූර්ණ ඕස්ට්‍රේලියානු සුදුසුකමක් සම්පූර්ණ කරන්න අවස්ථාව ලැබෙනවා.
තවත් සමහර TNE වැඩසටහන් මඟින් අධ්‍යයන කටයුතු වල කොටසක් ඕස්ට්‍රේලියාවේ කැම්පස් එකක් වෙත පැමිණ සම්පූර්ණ කිරීමට ඉඩ සලසනවා.
TNE සඳහා ලැබෙන පැහැදිලි ප්‍රතිලාභ;
- සියලුම ඕස්ට්‍රේලියානු TNE වැඩසටහන් ඕස්ට්‍රේලියාවේ පිරිනමන පාඨමාලා වලට සමානවම ප්‍රමිතීන් සපුරාලිය යුතුයි.
- ඔබට ඕස්ට්‍රේලියාවේ, අන්තර්ජාතික මට්ටමේ සුදුසුකම් සඳහා ප්‍රවේශය ලැබෙන අතර ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගන්න අවස්ථාව විවර වෙනවා.
- රැකියාවක් සඳහා අයදුම් කරන විට ඔයා රටවල් කිහිපයක ඉගෙනගෙන තිබෙන නිසා, සේවායෝජකයින් ඔයාගේ අත්දැකීම් බෙහෙවින් අගය කරන්න ඉඩ තිබෙනවා.
- මේ මගින් ඕනෑම කෙනෙක්ට තමන්ගේ මව් රටේ සිට අධ්‍යාපනය ලැබිය හැකි අතර, එක්තරා කාලයකට හෝ සම්පූර්ණ කාලය සඳහාම වෙනත් රටකට මාරු වීමේ වියදම ඉතුරු කරගන්න පුළුවන්.