බ්‍රිස්බේන් හි Bayside ප්‍රදේශය පුරා ඉන්ධන සහ භාණ්ඩ මිලදී ගැනීමට ව්‍යාජ මුදල් භාවිතා වීමක් ගැන වාර්තා වෙනවා.
අගෝස්තු 29 වන දින සිට Alexandra Hills, Birkdale, Capalaba, Cleveland සහ Wynnum යන ප්‍රදේශවල වෙළඳසැල්වල $50 සහ $100 ව්‍යාජ නෝට්ටු භාවිතා කළ බවට පොලිසියට වාර්තා 10 ක් ලැබී තිබෙනවා.
නෝට්ටු භාවිතයේදී ප්‍රවේශම් වන ලෙසත් ඕනෑම ආකාරයක සැක සහිත තත්වයක් ඇත්නම් වාර්තා කරන ලෙසත් පොලිසිය ප්‍රදේශවාසින්ගෙන් සහ ව්‍යාපාරවලින් ඉල්ලා සිටිනවා.
පොලිස් ප්‍රකාශකයෙකු පැවසුවේ ව්‍යාජ නෝට්ටු කඩදාසි, ප්ලාස්ටික් හෝ කාඩ්බෝඩ් මත විවිධ ගුණාත්මක තත්ත්වයන්ගෙන් මුද්‍රණය කර ඇති අතර සමහරක් නෝට්ටු වල විවිධ serial numbers සහ ‘COPY’ යන වචනය සඳහන් කර ඇති බවයි.
“කාර්යබහුල වේලාවක පුද්ගලයින් මේවා ව්‍යාපාරවලට ඉදිරිපත් කිරීමට උත්සාහ කළ හැකියි. නැතහොත් මෙම මුදල් වෙනත් කුඩා නෝට්ටු සමග මාරු කර දෙන ලෙස ඉල්ලා සිටිය හැකියි” යනුවෙන් ප්‍රකාශකයෙක් පැවසුවා.
“යමෙකු ඔබට ව්‍යාජ නෝට්ටු ලබා දෙන බවට ඔබ සැක කරන්නේ නම්, ඔබට එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ හැකියි (එසේ කිරීම ආරක්ෂිත තාක් කල්).”
සැක සහිත ව්‍යාජ නෝට්ටුවක් හමු වූ ඕනෑම අයෙකු එය භාවිතා කිරීම හැකි තාක් අවම කරන ලෙසත්, එය ලියුම් කවරයක ගබඩා කර තමා සන්තකයේ තබා ගන්න ලෙස සහා එය ලබා ගත් ආකාරය ඇතුළු අදාළ තොරතුරු සටහන් කරන ලෙසත් පොලිසිය උපදෙස් දුන්නා. එවන් අවස්තාවක “වහාම පොලිසිය අමතන්න” යනුවෙන් ප්‍රකාශකයෙක් පැවසුවා.
අඛණ්ඩ විමර්ශන සඳහා සහාය විය හැකි තොරතුරු ඇති ඕනෑම අයෙකුට පොලිසිය අමතන්නැයි විමර්ශකයින් ඉල්ලා සිටිනවා.