ඕස්ට්‍රේලියාව තුළ අධ්‍යාපනය ලබන ඔයාට, ඔබේ දරුවන්ට වැදගත් වෙන දේවල් ගොඩක් අපි කලින් articles වලින් කතා කළා. අද කියන්න හදන්නේ උසස් අධ්‍යාපනයට වැදගත් වෙන දෙයක් ගැන. ඒ තමයි Twinning, dual and joint degree programs ගැන. මේක ඔයාට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්.
කලින් article එකකින් අපි කතා කලානේ Transnational education (TNE) ගැන. මේ අද කතා කරන TNE වර්ගවලට අධ්‍යාපන සැපයුම්කරුවන් දෙදෙනෙකු විසින් පිරිනමනු ලබන අධ්‍යයන ඇතුළත් වෙනවා. සාමාන්‍යයෙන් මේ පාර්ශව 2 විවිධ රටවල සැපයුම්කරුවන්. උදාහරණයක් විදිහට, ඔයාගේ මව් රට සහ ඕස්ට්‍රේලියාව ගන්න පුළුවන්.
මෙම වැඩසටහන් මඟින් ඔයාට අධ්‍යාපන සැපයුම්කරුවන් දෙදෙනාගෙන්ම සුදුසුකම් සහිතව උපාධිය ලබා ගැනීමට ඉඩ සලසනවා. මෙය multiple degree හෝ ‘joint degree’ වැඩසටහනක් ලෙස හැඳින්වෙනවා. මේකෙදි සාමාන්‍යයෙන් එක් එක් අධ්‍යාපන සැපයුම්කරු සමඟ නිශ්චිත කාලයක් ඉගෙනගන්න ලැබෙනවා. එක් සැපයුම්කරුවෙකු සමඟ සම්පූර්ණ කරන ලද අධ්‍යාපන සුදුසුකමක් අනෙකා විසින් පිළිගන්නවා.
මේ වගේ වැඩසටහන් මගින් විවිධ සංස්කෘතීන්, භාෂා, අධ්‍යාපන පරිසරයන් සහ ඉගැන්වීමේ ක්‍රම අත්විඳීමට අවස්ථාව ලැබෙනවා. ඔවුන් ඔයාගේ අධ්‍යයන කටයුතු පිළිබඳ පුළුල් දෘෂ්ටිකෝණයක් ලබා දෙන අතර වෙනත් රටවල සහ සංස්කෘතික පරිසරයන් වල වැඩ කිරීම සඳහා ඔබව සූදානම් කරනවා.