Shutdown කළ ඇමරිකාව – රජයත් වසා දමයි

  • Home
  • /
  • News
  • /
  • Shutdown කළ ඇමරිකාව – රජයත් වසා දමයි

පසුගිය අඟහරුවාදා රජයට අරමුදල් සැපයිය හැකිව තිබූ Republican සහ Democratic යෝජනා දෙකම එකොළොස්වන පැයේදී සෙනෙට් සභාවේදී අසාර්ථක වූ අතර, බදාදා පෙ.ව. 12:01 ට ඇමරිකානු රජය වසා දැමුණා.

මේ අනුව ඇමරිකානු රජයේ අත්‍යවශ්‍ය සේවා හැර 01 වන දා සිට වසා දමමින් government shutdown එකකට ගොස් තිබෙනවා.

දැරිය හැකි සත්කාර පනත යටතේ සෞඛ්‍ය සේවා සහනාධාර දීර්ඝ කිරීමට සහ Medicaid සඳහා සිදු කළ කප්පාදු ආපසු හැරවීමට ඉඩ සලසන Democratic සහාය ලත් වියදම් පනතක් මෙන්ම සති හතක් සඳහා රජයට අරමුදල් සැපයිය හැකිව තිබූ Republican පක්ෂපාතී තාවකාලික අරමුදල් පියවර ද අසාර්ථක වීමෙන් පසු ෆෙඩරල් රජයට මුදල් හිඟවුනා.

අඟහරුවාදා අසාර්ථක වූ ඡන්ද දෙකෙන් පසුව, ධවල මන්දිර කළමනාකරණ කාර්යාලය සහ අයවැය අධ්‍යක්ෂ Russell Vought ෆෙඩරල් ආයතනවලට පැවසුවේ ඔවුන් දැන් ක්‍රමානුකූල වසා දැමීමක් සඳහා ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බවයි.

ඉහළ මන්ත්‍රී මණ්ඩලය රජයේ වසා දැමීමක් වළක්වා ගැනීම සඳහා පියවරක් සම්මත කිරීමට අපොහොසත් වූ පසු සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස සෙනෙට් සභාවේ සුළුතර නායක  Chuck Schumer රිපබ්ලිකන්වරුන්ගෙන් ඉල්ලා සිටියා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ද්විපාර්ශ්වික කොංග්‍රස් නායකයින් පිරිසක් සඳුදා දහවල් ධවල මන්දිරයේදී රැස්වී ඉදිරියේදී ඇති විය හැකි වසා දැමීම වළක්වා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

මෙම government shutdown එකත් සමග සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වෙනවා. ඇමරිකාව මීට පෙරද අවස්ථා ගණනාවකදී government shutdown වෙත ගොස් ඇති අතර 2018-2019 කාලයේදී එවන් අවස්තාවක් මතු වූ විට මෙම වසා දැමීම දින 35ක් පුරා පැවතුණා.

මෙම තත්වය 800,000 කට පමණ ආසන්න පිරිසකට වැටුප් රහිත නිවාඩු ලැබීමට හේතු වෙනවා. මෙය සියලු ප්‍රධාන කටයුතු වල ප්‍රමාදවීම් වලටද හේතු වෙනවා. 

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025