සැප්තැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියානු නිවාසවල වටිනාකම් නැවතත් ඉහළ ගිය අතර, irst-home buyers ලගේ වැඩිවීමක් ඉදිරි මාසවලදී මිල ගණන් තවත් ඉහළ යාමට හේතු වන බව විශේෂඥයින් අනතුරු අඟවනවා.
දේපල පර්යේෂණ ආයතනයක් වන Cotality ට අනුව, ජාතික නිවාස වටිනාකම් 0.8% කින් ඉහළ ගොස් තිබෙනවා. 2023 ඔක්තෝබර් මාසයෙන් පසු අඛණ්ඩව අටවන ඉහළ යාමත් සනිටුහන් කරනවා.
සැප්තැම්බර් කාර්තුව තුළ, වටිනාකම් 2.2% කින් ඉහළ ගොස්, නිවසක මිල සාමාන්‍යයෙන් ඩොලර් 18,215 කින් වැඩි වී තිබෙනවා.
රට තුළ නිවසක සාමාන්‍ය වටිනාකම දැන් ඩොලර් 857,280 ක් වෙනවා. ඩාවින් මාසික වැඩිවීම් වල ඉහළම අගය පෙන්වන අතර, එය සැප්තැම්බර් මාසයේදී 1.7% කින් ඉහළ ගියා.
මේ සඳහා බලපාන තවත් සාධක කිහිපයක් තිබෙනවා. ඒ තමයි පාරිභෝගිකයින්ගේ විශ්වාසයේ වැඩිවීම සහ පුළුල් කරන ලද First Home Guarantee සේවා.
මේ වන විට ෆෙඩරල් රජයේ Home Guarantee Scheme එකට ආදායම් හෝ ස්ථාන සීමාවන් සහ ඉහළ මිල සීමාවන් නැහැ.
lenders’ mortgage insurance (LMI) වළක්වා ගනිමින්, ගැනුම්කරුවන්ට 5% ක තැන්පතුවක් වැනි කුඩා මුදලකින් මිලදී ගැනීම කරන්න පුළුවන්. ෆෙඩරල් රජය 20% ක තැන්පතුවේ ඉතිරි මුදල සඳහා ඇපකරුවෙකු ලෙස ක්‍රියා කරනවා.
මේ පුළුල් කරන ලද යෝජනා ක්‍රමය මිල වර්ධනයට හේතු වනු ඇතැයි විශේෂඥයින් අනතුරු අඟවනවා.
උදාහරණයක් ලෙස, සිඩ්නි හි, first home buyers ලට ඩොලර් මිලියන 1.5 ක් දක්වා මිලක නිවසක් මිලදී ගැනීමට පුළුවන්. මීට පෙර එම මිල සීමාව ඩොලර් 900,000 ක් ව පැවතුණා.
මෙම ප්‍රතිපත්තිය වසර හයක් තුළ වටිනාකම් 0.5% කින් පමණක් ඉහළ නැංවීමට හේතු විය හැකි බව ඇතැම් පාර්ශව මත පල කරනවා.
Cotality හි විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන ආකාරයට 5% ක තැන්පතුවක් යනු 95% ක ණය-වටිනාකමක් ඇති උකසක්. 20% ක තැන්පතුවකට සාපේක්ෂව බැලූ විට ඒ සඳහා වසර 30 ක් තුළ ලක්ෂ ගණනකින් වැඩි පොලියක් ගෙවීමට සිදු වෙනවා. ඒ අනුව First home buyers ලා වැඩි පොලියක් ගෙවීමට සූදානමින් සිටීමත් මෙම මිල ඉහළ යාමට හේතු වෙනවා.