කුමන වයසක හිටියත් රැකියාවක් කරන ගමන් ඉගෙනගන්න

  • Home
  • /
  • Blog
  • /
  • කුමන වයසක හිටියත් රැකියාවක් කරන ගමන් ඉගෙනගන්න

අද අපි කියන්නේ ඕස්ට්‍රේලියානුවෙක් වෙන ඔයාට වැදගත් දෙයක්. ඒ තමයි මුදල් උපයන ගමන් ඉගෙනගන්න විදිහ ගැන. එහෙමත් නැත්නම් ඉගෙනගන්න ගමන් මුදල් උපයන විදිහ ගැන. 

මේක ඔයා කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත්, කුමන වයසක හිටියත් වැදගත් වෙන දෙයක්. මේ තමයි ‘apprenticeship’.

Apprenticeship කියන්නේ මොකක්ද?

රැකියාව සමගම ඉගෙන ගෙන, ආදායමක් උපයාගෙන, එකවර සුදුසුකමකුත් ලබාගන්න පුළුවන් වෘත්තියක් ගැන සිතා බලන්න. Australian Apprenticeship කියන්නේ මෙන්න මේකටයි.

Apprenticeship හෝ traineeship කියන්නේ ආධුනිකයෙකු සහ සේවා යෝජකයෙකු අතර ඇති කරගන්න රැකියා ගිවිසුමක්. ඒ මගින් ප්‍රායෝගික රැකියා පළපුරුද්ද, විධිමත් අධ්‍යාපනය සමඟ ඒකාබද්ධ කරනවා. ඉතින් මේ හරහා ඔයාට ප්‍රායෝගික පුහුණුව සහ ජාතික වශයෙන් පිළිගත් සුදුසුකමක් ලබා ගන්න ගමන්ම මුදලක් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා.

මේ සඳහා ඔයාට තෝරාගන්න පුළුවන් වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක්ම තිබෙනවා. ඔබට පහත සඳහන් අංශවල වෘත්තියක් ආරම්භ කරන්න පුළුවන්;

  • Construction and building trades
  • Hairdressing and beauty services
  • Information technology
  • Healthcare and patient services
  • Hospitality and culinary arts
  • Early childhood education
  • Veterinary and animal care
  • Automotive services and repair.

Apprenticeship එකක් තෝරා ගන්නේ ඇයි?

ඔබ ඉගෙන ගන්නා අතරතුර මුදල් උපයන්න: apprenticeship එකක් මගින් අධ්‍යාපනය සහ රැකියාව අතර තෝරා ගැනීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ප්‍රායෝගික අත්දැකීම්: සැබෑ වැඩ ලෝකයේ කුසලතා සහ දැනුම ලබා ගැනීම සඳහා කර්මාන්ත විශේෂඥයින් සමඟ සෘජුව වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා.

ජාතික වශයෙන් පිළිගත් සුදුසුකම්: රට පුරා ඕනෑම තැනකදී රැකියාවක් සඳහා වලංගු වන කුසලතා සහ දැනුමෙන් ඔබේ පුහුණුව සම්පූර්ණ කරගන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025