ඇමරිකානු නිදහස ප්‍රකාශයට පත් කිරීමෙන් වසර 250 ක් සැමරීම සඳහා 2026 දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරූපණය කරන $1 කාසියක් නිර්මාණය කිරීම සඳහා කෙටුම්පතක් එක්සත් ජනපද භාණ්ඩාගාරය සිකුරාදා නිකුත් කළා.
ඉදිරිපත් කර තිබූ සැලසුමේ ඉදිරිපස ට්‍රම්ප්ගේ මුහුණේ පැතිකඩ රූපයක් සහ ඔහුට ඉහළින් “liberty” යන වචනය සහ පහතින් “1776-2026” යනුවෙන් ඇති බව භාණ්ඩාගාරික Brandon Beach විසින් X පණිවිඩයකට එකතු කර තිබූ, භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද රූපවලට අනුව දැකගන්න ලැබුණා.
කාසියේ අනෙක් පැත්තේ, “fight, fight, fight” යන වචන දාරයේ දැක්වෙන අතර ට්‍රම්ප් මිට මොලවාගත් හස්තය ඔසවාගෙන සිටින ආකාරය පෙන්නුම් කරනවා. ඔහුට පසුබිමින් ඇමරිකානු ධජය දැකගන්න පුළුවන්. පසුගිය වසරේ ඝාතන උත්සාහයකින් දිවි ගලවා ගත් වහාම ඔහු පැවසූ දේසිහිගන්වමින් මෙය නිර්මාණය කර ඇති බවක් පෙනී යනවා.
භාණ්ඩාගාර ප්‍රකාශකයෙක් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ මෙම $1 කාසිය සඳහා අවසාන design එකක් තවමත් තෝරාගෙන නැති බවයි.
X පණිවිඩයක් හරහා Beach පැවසුවේ government shutdown එක අවසන් වීමෙන් පසුව වැඩි විස්තර බෙදා ගන්නා බවයි.
2026 දී භාණ්ඩාගාර ලේකම්වරයාට $1 කාසියක් “එක්සත් ජනපද 250 වන සංවත්සරය සංකේතවත් කරන මෝස්තර සහිතව” අච්චු ගැසීමට ඉඩ සලසන නීතියක්, 2020 දී කොංග්‍රසය විසින් සම්මත කළා.
යෝජිත කාසිය පිළිබඳව සමාජ මාධ්‍යවල විවාදයක් ඇති වී තිබෙනවා. නීතියේ විශේෂයෙන් සඳහන් කර ඇත්තේ “ජීවත්වන හෝ මියගිය කිසිදු පුද්ගලයෙකුගේ හිස, උරහිස් හෝ පපු පෙදෙසේ ඡායාරූපයක් සහ ජීවමාන පුද්ගලයෙකුගේ portrait එකක් කිසිම කාසියක පිටුපස ඇති සැලසුමට ඇතුළත් කළ නොහැක” යනුවෙන්.
යෝජිත සැලසුමේ පිටුපස පැත්තේ ට්‍රම්ප්ගේ පුළුල් illustration එකක් අඩංගු වන අතර, එමගින් “හිස සහ උරහිස් ඡායාරූපයක් හෝ පපු ප්‍රදේශය” යන තහනම් කිරීමට යටත් නොවන බව නීති විශේෂඥයින් පවසනවා.
1866 නීතියක් මගින් එක්සත් ජනපද මුදල් ඒකකයක ජීවමාන පුද්ගලයෙකුගේ ඡායාරූපයක් භාවිතා කළ නොහැකි බව නියම කරනවා. නමුත් එය Bureau of Engraving and Printing විසින් නිෂ්පාදනය කරන ලද කඩදාසි මුදල් සඳහා අදාළ වෙනවා. කාසි U.S. Mint විසින් අච්චු කරනවා.
කාසි මුද්‍රණය පිළිබඳ පෙර නීතියක එක් විධිවිධානයක්, 1792 දී ප්‍රථම වරට සම්මත කර කොන්ග්‍රසය විසින් නැවත නැවතත් සංශෝධනය කරන ලද අතර, එමගින් ජීවමාන, වත්මන් හෝ හිටපු ජනාධිපතිවරයෙකු නිරූපණය කිරීම තහනම් කරනවා. නමුත් එම ඡේදය එක්සත් ජනපද ජනාධිපතිවරුන්ට ගෞරව කිරීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද $1 කාසි සඳහා අදාළ වෙනවා. රටේ 250 වන සංවත්සරය වැනි වෙනත් හේතූන් මත එය අදාළ නොවන බවට තර්ක ඉදිරිපත් වෙනවා.
1976 ද්විශත සංවත්සර සැමරුම් සැමරීම සඳහා, භාණ්ඩාගාරය ජාතික තරඟයකට අනුග්‍රහය දැක්වූ අතර ඇමරිකානු නිදහසේ සංකේතයක් වන Liberty Bell සහ සඳ ඇතුළත් මූර්ති ශිෂ්‍යයෙකුගේ නිර්මාණයක් $1 කාසිය සඳහා තෝරා ගත්තා.
කාසියේ අනෙක් පැත්තේ 1969 දී මියගිය සහ 1971 දී $1 කාසියක ඇතුළත් කළ පළමු ජනාධිපතිවරයා බවට පත් වූ හිටපු ජනාධිපති Dwight D. Eisenhower නිරූපණය කෙරුණා.
ට්‍රම්ප් කෙටුම්පත් කාසි නිර්මාණය දුටුවාද යන්න සිකුරාදා විමසූ විට, ධවල මන්දිර ප්‍රකාශිකා Karoline Leavitt පැවසුවේ, “ඔහු එය දැක ඇත්දැයි මට විශ්වාස නැත, නමුත් ඔහු එයට කැමති වනු ඇතැයි මට විශ්වාසයි” යනුවෙන්.
Image credit: www.theguardian.com