රාජකීය උද්‍යානයක ඇවිදින්න ලැබෙන දුර්ලභ අවස්ථාවක්

  • Home
  • /
  • Blog
  • /
  • රාජකීය උද්‍යානයක ඇවිදින්න ලැබෙන දුර්ලභ අවස්ථාවක්

මේ කියන්නේ ඔයාට ලැබෙන ඉතා වටිනා අවස්තාවක් ගැන. ඒ තමයි ‘Government House Garden Tour’ එක.

Government House gardens වල අලංකාර තණකොළ, විශාල ගස් හා පඳුරු වලින් වට වූ විශ්මිත ගස් සහ Kitchen Garden ද තිබෙනවා.

මේවායින් බොහොමයක් රාජකීය පවුලේ සාමාජිකයින් සහ පෙර ආණ්ඩුකාරවරුන් විසින් රෝපණය කරන ලද ceremonial trees ලෙස සලකනවා.

ඉතින් ඔයාටත් පුළුවන් මේ සුන්දර වගේම ඓතිහාසික වටිනාකම් වලින් පිරුණු උද්‍යාන සියැසින්ම දැකගන්න.

මෙහි morning tours මාසිකව පැවැත්වෙනවා. ඒ වගේම daylight savings period එක තුළ twilight tours පවත්වනවා. සංචාර පෙ.ව. 11:00 ට ආරම්භ වෙනවා. daylight savings period එකේ තිබෙන සන්ධ්‍යා චාරිකා සවස 5:00 හෝ සවස 5:30 ට ආරම්භ කරනවා. 

ආරක්ෂක කටයුතු සඳහා ආරම්භක වේලාවට මිනිත්තු 15 කට පෙර පැමිණෙන ලෙස අමුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. සංචාරය ආරම්භ වූ පසු, ප්‍රමාද වී පැමිණෙන අය ඇතුළත් කර නොගන්න බවත් මතක තබාගන්න.

සංචාරය පැයක් පමණ පවතින අතර ඔයා ඒ සඳහා සුදුසු මට්ටමේ යෝග්‍යතාවයකින් ඉන්න ඕනේ. සමහර තැන්වල, කුඩා කඳු සහ ගැටිති තිබෙනවා. අමුත්තන් casual clothes සහ sensible footwear ඇඳිය ​​යුතුයි.

Date & Time

Mon 6 Oct – 5.30 pm – 6.30 pm

Fri 17 Oct – 11 am – 12 pm

Fri 21 Nov – 11 am – 12 pm

Mon 24 Nov – 5.30 pm – 6.30 pm

Mon 15 Dec – 5.30 pm – 6.30 pm

Fri 19 Dec – 11 pm – 12 pm

 

Location

Government House Dr

Melbourne 3004

 

Contact details

Tel: 03 9655 4211

E-mail: info@govhouse.vic.gov.au

Website: https://www.governor.vic.gov.au/government-house-garden-tours 

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025