කලින් articles වලින් අපි කතා කළා student කෙනෙක් විදිහට ඔයාට ලබාගන්න පුළුවන් accommodation වර්ග ගැන. ඒ වගේම අවුරුදු 18ට අඩු කෙනෙක් මේ විදිහට නවාතැන් ගන්නවානම් විශේෂයෙන් සලකා බැලිය යුතු දේවල් ගැනත් අපි කිව්වා. අද අපි කියන්නේ ශිෂ්‍යයෙක් විදිහට තමන්ගේ ගෙදරින් පිට නවාතැන් ගන්න කෙනෙක්ට අදාළ වෙන නීතිමය ආරක්ෂාව ගැන.
ඔයාගේ නීතිමය බැඳීම්වලට ඇතුළත් වෙන්නේ:
- ඔයාගේ නවාතැන් සඳහා නියමිත වේලාවට ගෙවීම් සිදු කිරීම
- නවාතැන් ගන්න ස්ථානයේ ඔයා භාවිත කරන සහ ඔයාට අදාළ කොටස් පිරිසිදු කිරීම සහ රැකබලා ගැනීම
ඔයාගේ නීතිමය අයිතිවාසිකම්වලට ඇතුළත් වන්නේ:
- ඔයාගේ බදු භාණ්ඩ වල ආරක්ෂාව තහවුරු වීම
- ඔයා නවාතැන් ගන්න ස්ථානය විදුලිය සහ ජලය සැපයුම් සමඟ හොඳින් නඩත්තු කර තිබීම
ඔයාගේ නවාතැන් සම්බන්ධයෙන් කුමක් හෝ ගැටලුවක් තිබෙනවා නම්, ඔයාගේ දේපළ වෙළඳාම් නියෝජිතයා, ඉඩම් හිමියා හෝ නවාතැන් කළමනාකරු සමඟ ගැටලුව කෙලින්ම විසඳා ගැනීමට උත්සාහ කරන්න. නවාතැන් සම්බන්ධයෙන් ඔයාගේ අයිතිවාසිකම් ගැන වැඩිදුර විස්තර අපි ඉදිරියේදී කතා කරමු.
ඔයාගේ ගැටලුව කෙලින්ම විසඳා ගන්න නොහැකි නම්, උදව් ලබා ගන්න පුළුවන් කුලී නිවැසියන්ගේ unions සහ පාරිභෝගික උපදේශකයින් වැනි සංවිධාන තිබෙනවා. එක එක state සහ territory වලට අදාළ Fair Trading government agency වල link කිහිපයක් පහතින් දක්වා තිබෙනවා. ඒ මගින් ඔයාට උදව් ලබාගන්න පුළුවන්.
- New South Wales: NSW Fair Trading and Tenants Advice & Advocacy Services NSW
- Queensland: Tenants Queensland and Residential Tenancies Authority
- Victoria: Tenants Victoria and Consumer Affairs Victoria
- ACT: Tenants’ Advice Service and Access Canberra
- Western Australia: WA Department of Commerce and Tenancy WA
- Northern Territory: Tenants’ Advice Service and Consumer Affairs Northern Territory
- South Australia: Consumer and Business Services (CBS) and Tenants Information and Advisory Service
- Tasmania: The Tenants‘ Union of Tasmania
ඒ වගේම ඔයා අධ්‍යාපනය ලබන ආයතනයෙන් හෝ ඔයාගේ local state හෝ territory government එකෙන් run කරන ඔයාට ළඟම තිබෙන study centre එකෙනුත් උදව් ලබාගන්න පුළුවන්.