Government shutdown එක ආරම්භ වීමත් සමඟ පසුගිය සතියේ නාසා සේවකයින් 15,000 ක් පමණ ගෙදර යවන ලද අතර, අයවැය කප්පාදුව සහ පුළුල් රැකියා අහිමිවීම් සමඟ දැනටමත් පොරබදමින් සිටින එම ආයතනයේ වැඩ නතර වීමට එය හේතු වුණා.
කෙසේ නමුත් Artemis program එක පෙර පරිදිම බාධාවකින් තොරව ඉදිරියට යන බව පෙනෙනවා. දශක පහකට පසු පළමු වරට චන්ද්‍ර මතුපිටට ගගනගාමීන් යාමේ ඉලක්කය ඇතිව දියත් කෙරෙන මේ ව්‍යාපෘතිය government shutdown එක මධ්‍යයේ වුණත් අත්‍යවශ්‍ය කාර්යයක් ලෙස සැලකෙනවා.
නාසා නායකත්වය සහ ද්විපාර්ශ්වික නීති සම්පාදකයින් කණ්ඩායමක් චීනය වඩා ඉදිරියෙන් සඳ ගවේෂණය කිරීම අත්‍යවශ්‍ය ජාතික ආරක්ෂක කර්තව්‍යයක් ලෙස සලකන බව පැහැදිලි කරමින් මෙම තීරණය ගෙන තිබෙනවා.
“චීනය හොඳ චේතනාවෙන් සඳට යන්නේ නැත” යනුවෙන් නාසා හි වැඩබලන පරිපාලක Sean Duffy, shutdown එකට පෙර පසුගිය මාසයේ සමාජ මාධ්‍ය සටහනක සඳහන් කර තිබුණා. “අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් සඳහා සාමය ආරක්ෂා කිරීමට ඇමරිකාව මුලින්ම එහි යනු ඇත.”
නාසා වෙබ් අඩවියට මෑතකදී පළ කරන ලද ලේඛනයකින් පෙනී යන්නේ government shutdown එකේදී පවා සේවකයින් 3,000 කට වැඩි පිරිසක් දිගටම සේවයට පැමිණෙන බවයි. කලින් තිබූ shutdown plan එකේ තිබුණාට වඩා 2000කට වැඩි සංඛ්‍යාවක්.
සිදුවෙමින් පවතින බොහෝ කාර්යයන් පෙබරවාරි මාසයේ ආරම්භ වීමට නියමිත සඳ වටා පරීක්ෂණ ගුවන් ගමනක් වන Artemis II හා සම්බන්ධ වෙනවා.