ඉතිහාසයේ පළමු වරට රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 3,950 ඉක්මවා ගොස් ඇති බව ගෝලීය වෙළඳපොළ දත්ත පෙන්වා දෙනවා.
මෙම ඉහළ යෑමට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකාවේ රන් මිල සෙනසුරාදා තිබූ මිලට සාපේක්ෂව ආසන්න වශයෙන් රුපියල් 8,000 කින් ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ (07) උදෑසන වන විට, කොළඹ පිටකොටුව වෙළඳපොලේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 290,500 දක්වා ඉහළ ගොස් තිබුණා. එය සෙනසුරාදා වාර්තා වුණේ රුපියල් 283,000ක් ලෙසයි.
මේ අතර, සෙනසුරාදා රුපියල් 306,000 ක් වූ කැරට් 24 රන් පවුමක මිල දැන් රුපියල් 314,000 දක්වා ඉහළ ගොස් ඇති බව පිටකොටුව වෙළඳපොලේ වෙළෙන්දෝ පවසනවා.
පුළුල් භූ දේශපාලනික සහ ආර්ථික අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ ඉහල යන ආයෝජන ඉල්ලුම හේතුවෙන් සහ ඇමරිකාවේ පොලී අනුපාත තවදුරටත් අඩු කිරීමේ අපේක්ෂාවන්ගෙන් ලැබුණු අමතර සහයෝගයත් සමග අඟහරුවාදා මේ විදිහට රන් මිල වාර්තාගත ඉහළම අගයට ළඟා වුණා.
$3,977.19 ක සර්වකාලීන ඉහළම අගයට ළඟා වූ පසු, GMT 0745 වන විට රන් අවුන්සයක මිල $3,956.02 ක් ලෙස පවත්වා ගෙන ගියා.