Taylor Swift ගේ නවතම ඇල්බමය වන ‘The Life of a Showgirl’, සිකුරාදා සිට පිටපත් 304,000ක් අලෙවි කිරීමෙන් පසු, 2025 වසරේ එක්සත් රාජධානියේ biggest opening week ලෙස දැනටමත් වාර්තා තබා තිබෙනවා.
2024 ‘The Tortured Poets Department’ (පිටපත් 270,000) සහ 2022 ‘Midnights’ (පිටපත් 204,000) යන ඇගේ අවසන් studio albums 2 හි පළමු සතියේ අලෙවියන් වල මුළු එකතුව ඉක්මවා යාමට එය සමත්ව තිබෙනවා.
මෙලෙස දින තුනක් පමණක් ගණන් බලන විටත්, මෙම එක්සත් රාජධානියේ පළමු සතියේ අලෙවිය දෙවැනි වන්නේ 2017 දී නිකුත් වූ Ed Sheeranගේ Divide පිටපත් 672,000ට පමණයි.
ඇය සමස්තයක් ලෙස වසරේ වැඩිම අලෙවියක් ඇති ඇල්බමය ලෙස වාර්තා කිරීමට ඉතා ආසන්නව සිටිනවා. මෙම වාර්තාව දැනට හිමිකරගෙන සිටින්නේ Life of a Showgirl හි title track එකේ පෙනී සිටින Sabrina Carpenter යි. ඇගේ Short N’ Sweet ඇල්බමය ජනවාරි මාසයේ සිට පිටපත් 444,000ක් අලෙවි කර තිබෙනවා.
Swift එක්සත් ජනපදයේ ද වාර්තා බිඳ දමා ඇති අතර, සිකුරාදා පමණක් ඇය මිලියන 2.7 ක විකුණුම් වාර්තා කර තිබෙනවා.
එය Swift ගේ විශාලතම විකුණුම් සතිය වන අතර, modern chart methodology එක ආරම්භ වූ 1991 සිට ඕනෑම ඇල්බමයක් සඳහා වන දෙවන විශාලතම විකුණුම් සතිය ද මෙයයි. මීට ඉහළින් සිටින්නේ Adele ගේ 25 පමණයි. 2015 දී එහි පළමු සතිය තුළ පිටපත් මිලියන 3.378 ක් අලෙවි වුණා.
එක් සතියක වැඩිම vinyl albums අලෙවිය සඳහා ඇමරිකානු වාර්තාව ද බිඳ දමා ඇත්තේ The Life of a Showgirl විසින්. මීට පෙර එම වාර්තාව දරන්නේ ද ඇය විසින්මයි. ඇගේ අවසාන ඇල්බමය වන The Tortured Poets Department එහි පළමු සතිය තුළ vinyl albums 859,000 ක් අලෙවි කර වාර්තා පිහිටෙව්වා.
කර්මාන්තයේ වෙනත් තැන්වල ඇල්බම අලෙවිය පරිහානියක පවතින බැවින් Swift ගේ මෙම විකුණුම් සංඛ්‍යා වඩාත් සුවිශේෂී වෙනවා.
එක්සත් රාජධානියේ, මේ වසරේ සතියක් තුළ පිටපත් 100,000 කට වඩා අලෙවි වී ඇත්තේ Sam Fender ගේ People Watching පමණයි.
කෙසේ වෙතත්, ප්‍රස්ථාර ආධිපත්‍යයෙන් සෑහීමකට පත් නොවූ Swift, මෙම සති අන්තයේ cinema box office හි ඉහළින්ම සිටි අතර, ඇගේ මිනිත්තු 89 ක film එකක් වන Taylor Swift: The Official Release Party Of A Showgirl සඳහා ඩොලර් මිලියන 46 (£ 34m) ටිකට්පත් අලෙවි කළා.
Image credit: variety.com (Getty Images)