විදේශ රටක ජීවත් වුණත් තමන්ගේ මව් භාෂාව ඉදිරි පරම්පරාවටත් උගන්වන්න කැමති කෙනෙක්නම් ඔයා, ඒ සඳහා හොඳම තැන ගැන තමයි මේ කියන්නේ. මේ තමයි ‘මෙල්බර්න් මහමෙව්නාව සිංහල භාෂා පාසල’.
වසර 2000 කට අධික සංස්කෘතික උරුමයක් ඇති සිංහල භාෂාව ඉගෙනීම, ලොව කොහේ සිටියත් තම මව් රටට බැඳී ඇති පෞරාණික වටිනාකම් සහ උරුමයන් සමග ඔබව එකතු කරනවා.
වසර ගණනාවක් පැරණි ඉහළ භාෂා ගුණාංගයන් සහිත සිංහල භාෂාව ඔබේ දරුවාටත් උගන්වන්න මෙම සිංහල භාෂා පාසල සෑම ඉරිදාවකම පෙ.ව. 10.25 සිට ප.ව. 1.10 දක්වා පැවැත්වෙනවා.
ඒ වගේම මහමෙව්නාව හා සම්බන්ධ වෙලා තවත් ආගමික සංස්කෘතික උරුමයන් සහිත වැඩසටහන් රැසකටම සහභාගී වෙන්න පුළුවන්.