ඔයාට පුරුදු පාරේ drive කරනකොට සමහරවිට වෙනත් තැනකදී දැනෙනවාට වඩා ආරක්‍ෂිත බවක් දැනෙනවා ඇති. ඒ වුණාට සැඟවුණු අනතුරක් හුරුපුරුදු භූමියක වුනත් සැඟවී ඉන්න පුළුවන්.
Transport Accident Commission (ප්‍රවාහන අනතුරු කොමිසම) එකේ පර්යේෂණයට අනුව, මෝටර් රථ අනතුරු මරණ බොහෝ විට නිවසට ආසන්නව සිදු වෙන බව පවසනවා. මේ තත්ත්වය විශේෂයෙන්ම දැකගන්න පුළුවන් කලාපීය ප්‍රදේශවල.
වඩාත්ම පළපුරුදු රියදුරන් පවා මෝටර් රථ අනතුරකට ලක් වෙන්න පුළුවන්. අනතුරකින් පසු එන මූල්‍ය වියදම් සඳහා car insurance එක ඔයාට උදව් කළත්, අවදානම් පිළිබඳව දැනගෙන අවදානයෙන් සිටීම ඔයාව ආරක්‍ෂා කරනවා.
හුරුපුරුදුකම අනතුරු අවදානමක් ඇති කරයි
හුරුපුරුදු මාර්ගවල රිය පදවනකොට ඔයාට වඩාත් සැහැල්ලුවක් දැනෙන්න පුළුවන්. ඒ වගේම නවීන මෝටර් රථ වල ලබා දෙන autopilot තාක්ෂණයක් භාවිත කරනවා වෙන්නත් පුළුවන්. සමහරවිට මෙම හැඟීම අපව ව්‍යාජ ආරක්ෂාවක් පිළිබඳ භයානක හැඟීමකට ඇද දැමිය හැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.
හුරුපුරුදු අවස්ථාවන්හිදී රියදුරන්ගේ අවධානය සහ හැසිරීම පිළිබඳ පර්යේෂණවලින් පෙනී යන්නේ රියදුරන් නොසැලකිලිමත් අවස්ථාවන්ට, එහෙමත් නැත්නම් inattention blindness වැනි අවස්ථාවන්ට ගොදුරු විය හැකි බවයි. මේ මගින් අදහස් කරන්නේ ඔයා මේ වගේ තත්ත්වයක සිටින විට යම් කිසි අසාමාන්‍ය තත්වයකට මුහුණ දීමට සිදු වුණොත්, එම තත්වය වලක්වා ගැනීමට අවශ්‍ය ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඔබට නොලැබෙන බව.
ඔයා මාර්ගයේ සිටින සෑම අවස්ථාවකම අවදානමක් ඇති බැවින් ඔයා සැමවිටම අවදියෙන් සිටින බවත් ආරක්ෂිතව රිය පැදවීම කෙරෙහි අවධානය යොමු කරන බවත් සහතික කර ගැනීම වැදගත් වෙනවා.