මරණ මංචකයේදී ගෙත්තම් කළ ජීවිත කතාවක්

  • Home
  • /
  • Blog
  • /
  • මරණ මංචකයේදී ගෙත්තම් කළ ජීවිත කතාවක්

ප්‍රසිද්ධ ලේඛිකාවක් වන Claudia Hampton රෝහලක මිය යමින් සිටිනවා. නමුත් හෙදියන් නිහඬව ඇයට අනුකම්පා කරන අතරතුර ඇය ඇගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන ‘a history of the world… and in the process, my own’ කතාව ගෙත්තම් කරමින් සිටිනවා. ක්‍රමයෙන් ඇය ඇගේ ජීවිතයේ සහ කාලයේ උසස් නිර්මාණයක් නැවතත් නිර්මාණය කරන අතර මෙහි ඇය දන්නා කියන බොහෝ දෙනාගේ ජීවිත ගැබ් වී තිබෙනවා.

ඒ අතර ඇගේ ආදරණීය සහෝදරයා වන Gordon, ඇගේ සරල, සාම්ප්‍රදායික දියණිය වන Lisa, Lisa ගේ පියා වන ආකර්ශනීය, විශ්වාස කළ නොහැකි පෙම්වතා සහ යුධ සමයේ ඊජිප්තුවේ දී හමු වූ සහ අහිමි වූ ඇගේ එකම ප්‍රේමවන්තයා වන Tom ද සිටිනවා.

Penelope Livelyගේ 1987, Booker Prize එක ජයග්‍රහණය කරපු මෙම ‘Moon Tiger’ නමැති නවකතාව යථාර්ථයේ සහ අනන්‍යතාවයේ වෙනස්වන ස්වභාවය ගවේෂණය කරනවා. 1991 දී සහ 1998 දී විනිශ්චය මණ්ඩලයට සම්බන්ධ වීමට පෙර ඇය තුන් වතාවක් prize එක සඳහා නම් කෙරුණා.

ඉහළ පාඨක ප්‍රතිචාර ඇති මෙම කෘතිය 1987 මැයි 1 වන දා Deutsch විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර එය 1987, Booker Prize එක ජයග්‍රහණය කරන්න සමත් වුණා.

Image credit: www.penguin.co.uk

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025