පණ පිටින් ගෙම්බන් 8ක් ගිලපු චීන කාන්තාවක්

  • Home
  • /
  • News
  • /
  • පණ පිටින් ගෙම්බන් 8ක් ගිලපු චීන කාන්තාවක්

විවිධ වූ ලෙඩ රෝග වලට විවිධාකාර අත් බෙහෙත් සෑම රටකම සංස්කෘතියකම වගේ භාවිතා කරනවා. මේවා අතරින් සමහරක් ඒවා ඉතාමා ප්‍රඵලදායක සහ විද්‍යාත්මක ක්‍රම වන අතර තවත් සමහර ඒවා අන්ධ විශ්වාසයන් සහ සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක පදනම් වලින් තොරයි.

මේ ආකාරයේ කිසිදු පදනමක් නැති ප්‍රතිකාර ක්‍රම ලබාගන්නට ගිහින් අමාරුවේ වැටෙන පුද්ගලයින් චීනයේ නිතර දකින්නට ලැබෙන බව පැවසෙනවා. මේ කියන්නා හදන්නේ මෑතකදී වාර්තා වුනු තවත් එවැනි ප්‍රතිකාරයක් ගැන. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් අප්පිරිය වෙන කෙනෙක්නම් ඔයා මේක කියවන්න එපා.

82 හැවිරිදි චීන කාන්තාවක් තමන්ට ඇති කොන්දේ වේදනාවක් සමනය කරන බව විශ්වාස කරමින් පණපිටින් සිටින ගෙම්බන් 8 දෙනෙකු ගිල දැමූ බව එරට මාධ්‍යය වාර්තා කර තිබුණා.

අවාසනාවකට මෙන්, මෙම ජනප්‍රවාදගත පිළියමක් මත විශ්වාසය තැබූ මෙම Zhang නමැති කාන්තාව Zhejiang පළාතේ Hangzhou හි රෝහල් ගත කර තිබුනා.

“මගේ අම්මා පණ තිබෙන ගෙම්බන් අට දෙනෙකු කෑවා. දැන් තියුණු වේදනාව නිසා ඇයට ඇවිදීමට නොහැකි වී තිබෙනවා” යනුවෙන් ඇගේ පුතා වෛද්‍යවරයාට පවසා තිබෙනවා.

වාර්තාවට අනුව, මෙම වයෝවෘද්ධ කාන්තාව දිගු කලක් herniated disc තත්ත්වයකින් පීඩා විඳිමින් සිටියාය. ඇය තම පවුලේ අයගෙන් ඉල්ලා ඇත්තේ ගෙම්බන් ගිල දැමීමෙන් ඇගේ කොන්දේ වේදනාව සමනය කළ හැකි බව යමෙකු ඇයට පැවසූ අතර ඇය වෙනුවෙන් පණ තිබෙන ගෙම්බන් කිහිප දෙනෙකු අල්ලා ගන්නා ලෙසයි.

මෙලෙස කිසිම වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි නොමැති අමුතු කතා විස්වාස කිරීමෙන් ය බලවත් වැරද්දක් තමන්ටම කරගෙන තිබෙනවා.

මෙලෙස පණ ඇති ගෙම්බන් ගිල දැමීමෙන් පසු ඇගේ ආහාර ජීර්ණ පද්ධතියට හානි සිදු වී ඇති අතර, sparganum වැනි පරපෝෂිතයන් ඇගේ ශරීරයට ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඇයට දැඩි වේදනාවක් සමග ඇවිදීමට අපහසු තත්ත්වයක් ඇති වී තිබෙනවා.

රෝහල්ගත කිරීමෙන් පසු පැවැත්වූ පරීක්ෂණ වලින් පරපෝෂිත ආසාදන සහ රුධිර ආබාධ වැනි බොහෝ රෝග පෙන්නුම් කරන oxyphil සෛලවල සැලකිය යුතු වැඩිවීමක් වෛද්‍ය විශේෂඥයින් විසින් සොයා ගෙන තිබෙනවා.

සති දෙකක ප්‍රතිකාරයකින් පසු ඇය රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

වෛද්‍යවරු පවසා තිබුණේ මෙවැනි පදනම් විරහිත ඖෂධ ක්‍රම අත්හදා බලෙම් නිසා මෙවැනි තත්ත්ව නිතරම වාර්තා වන බවයි.

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025