සරම්ප පැතිරීමේ අවදානමක් ගැන අපි ඔබට කලින් article එකකින් කිව්වා. ඉතින් මේ අවදානම තවමත් පහව ගිහින් නැහැ.
මේ වන විටත් WA හි සරම්ප පැතිරීම පැතිර යමින් පවතින අතර, මේ වසරේ මේ දක්වා රෝගීන් 47 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
WA සෞඛ්‍ය බලධාරීන් බදාදා, මෙම මාරාන්තික විය හැකි රෝගය පිළිබඳව නව අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියා සිටියේ Pilbara කලාපයේ පැතිර යාමකදී රෝගීන් අට දෙනෙකු අනාවරණය වී ඇති බවයි.
සරම්ප ඉතා ඉක්මනින් බෝවන රෝගයක් වන අතර එය වාතයේ ඇති ජල බිඳිති හරහා පැතිර යා හැකි බව බෝවන රෝග පාලන අධ්‍යක්ෂක වෛද්‍ය Paul Armstrong අනතුරු අඟවනවා.
“ආසාදිත පුද්ගලයෙකු කාමරයෙන් පිටව ගොස් මිනිත්තු 30 කට පසුවත් වාතයේ ඇති ජල බිඳිති හාහා ආසාදනය විය හැකියි” යනුවෙන් ඔහු අනතුරු ඇඟවීමේ නිවේදනයේ සඳහන් කර තිබුණා.
WA සෞඛ්‍යය බලධාරීන් විසින් South Hedland, Karratha, Port Hedland සහ Redbank හරහා රෝගයට නිරාවරණය වන ස්ථාන කිහිපයක් සලකුණු කර තිබෙනවා.
සරම්ප එන්නත් දෙකක් ලබාගෙන ඇති හෝ 1966 ට පෙර උපත ලැබූ ඕනෑම අයෙකු රෝගයට ප්‍රතිශක්තිකරණයක් ඇති අය ලෙස සලකනු ලබනවා. නමුත් එන්නත් නොකළ පුද්ගලයින්ට මරණය ද ඇතුළු භයානක සෞඛ්‍ය සංකූලතා ඇතිවීමේ අවදානමක් තිබෙනවා.
මෙම රෝගය විශේෂයෙන් භයානක වන්නේ ළමුන්, ගර්භනී කාන්තාවන් සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් සඳහා යි.
රෝග ලක්ෂණ අතර උණ, තෙහෙට්ටුව, නාසයෙන් සොටු දියර ගැලීම, කැස්ස, ඇස්වල රතු පැහැය සහ දින තුන හතරකට පසු දිස්වන රතු පැහැ ලප කැසීම ඇතුළත් වෙනවා.
“සරම්ප ඇති පුද්ගලයින්ට සාමාන්‍යයෙන් අසනීප ගතියක් දැනෙන අතර සමහරුන්ට රෝහල් ගත වීමට සිදුවිය හැකියි” වෛද්‍ය Armstrong පවසනවා. “සංකූලතා අතර නියුමෝනියාව සහ කලාතුරකින් encephalitis(මොළයේ දැවිල්ල) ඇතුළත් වෙනවා.”
Pilbara අවට ස්ථානවල සරම්ප රෝගයේ අඛණ්ඩ අවදානමක් නොමැති බවත් ඔහු පවසනවා. සෞඛ්‍ය විශේෂඥයින් රෝගයට එරෙහිව ආරක්ෂාවක් ලෙස එන්නත් කිරීම නිර්දේශ කරනවා.
ලොව පුරා සරම්ප රෝගීන් පැතිරී යන අතර අනෙකුත් ඕස්ට්‍රේලියානු ප්‍රාන්තවල ද රෝගීන් අනාවරණය වී තිබෙනවා.
පසුගිය සතියේ, ආසාදිත පුද්ගලයෙකු Dee Why සහ Manly හි ස්ථාන කිහිපයකට ගිය පසු සිඩ්නි හි උතුරු වෙරළ තීරයන් සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
සැප්තැම්බර් මැද භාගයේදී, යුරෝපයේ සහ බාලි සිට ආපසු පැමිණි සංචාරකයෙකු තුළ සරම්ප රෝගය අනාවරණය වී ඇති බව වික්ටෝරියා සෞඛ්‍යය අනතුරු අඟවනවා.
“විදේශයන්හි සිට ආපසු පැමිණෙන සංචාරකයින් තුළ සරම්ප පැමිණීමේ අවදානමක් පවතී” Victoria Health හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනී වෛද්‍ය Caroline McElnay පැවසුවා.
“තායිලන්තය, මැලේසියාව, වියට්නාමය සහ ඉන්දුනීසියාව ඇතුළු අග්නිදිග ආසියාවේ දැනට පැතිරීම් කිහිපයක් පවතින අතර, ක්වීන්ස්ලන්තය සහ බටහිර ඕස්ට්‍රේලියාව තුළ මෑතකදී බාලි සිට ආපසු පැමිණෙන සංචාරකයින් තුළින් සරම්ප රෝගීන් වාර්තා වී තිබෙනවා.”