කලින් articles කිහිපයකින්ම ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයා දැන සිටිය යුතුම නීතිමය කාරණා ගොඩක් අපි කතා කළා. අදත් කියන්නේ ඒ වගේම වැදගත් වෙන දේවල් කිහිපයක්.
පෞද්ගලිකත්වය සහ නීතිය
ඕස්ට්‍රේලියාවේ, පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කළ නීති තිබෙනවා. සියලුම රජයේ ආයතන ‘Privacy Act 1988′ අනුගමනය කළ යුතු අතර එය ඔබගේ පුද්ගලික තොරතුරු ගබඩා කළ යුතු, භාවිතා කළ යුතු සහ එකතු කළ යුතු ආකාරය සඳහන් කරන පනතක්.
බොහෝ රාජ්‍ය නොවන සංවිධානවලට ඔවුන්ගේ පුද්ගලික තොරතුරු භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කරන privacy statement එකක් තිබෙනවා.
ඔයාගේ පුද්ගලික තොරතුරු භාවිතා කර ඇති ආකාරය පිළිබඳව ඔයාට ගැටළුවක්, අපහසුතාවයක් දැනෙනවා නම්, ඔයාට e Office of the Federal Privacy Commissioner අමතන්න පුළුවන්. වැඩි විස්තර සඳහා, www.oaic.gov.au වෙත ගොස් ‘Australian Privacy Principles’ යන කොටස කියවන්න.
Legal Aid හෙවත් නීති ආධාර
Legal Aid කියන්නේ සෑම ඕස්ට්‍රේලියානු state එකකම සහ territory එකකම කාර්යාල සහිත රජය විසින් අරමුදල් සපයන නීති සේවාවක්. එය පෞද්ගලික නීතිඥයෙකු ලබා ගැනීමට නොහැකි අය සඳහා නීතිමය නියෝජනයක් මෙන්ම නොමිලේ නීති උපදෙස් සහ සහාය ලබා දෙනවා.
ඔයාටත් මොනයම් හෝ නීතිමය ගැටළුවක් තිබෙනවානම් ඔබේ ළඟම ඇති Legal Aid Centre එකට කතා කරන්න. මේ ගැන වැඩි විස්තර දැනගන්න, www.australia.gov.au/content/legal-aid වෙත පිවිසෙන්න.