ජාත්‍යන්තර සයිබර් ආරක්‍ෂක සම්මානය ඕස්ට්‍රේලියාවට

  • Home
  • /
  • News
  • /
  • ජාත්‍යන්තර සයිබර් ආරක්‍ෂක සම්මානය ඕස්ට්‍රේලියාවට

ජාතික සයිබර් ආරක්ෂක සම්බන්ධීකාරක, ලුතිනන් ජෙනරාල් Michelle McGuinness CSC හට පසුගිය මාසයේ Washington DC හි පැවති Billington International Cybersecurity Summit එකේදී කීර්තිමත් 8 වන Annual Billington International Cybersecurity Award එක පිරිනැමුවා. මෙම සම්මානය සඳහා අනුග්‍රහය දැක්වූයේ Amazon Web Services විසින්.

පහත සඳහන් නිර්ණායකයන්ට එරෙහිව ඉටු කළ කාර්යභාරය වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමි වුණා.

  • ජාත්‍යන්තර හෝ විවිධ රටවල බලපෑම හඳුනාගෙන ඇති සයිබර් උත්සාහයක තිරසාර නායකත්වය
  • සයිබර් ව්‍යාපාරයේ චින්තන නායකයෙකු ලෙස ජාත්‍යන්තර සමකාලීනයන් විසින් පිළිගැනීම
  • සිය හඬ භාවිතා කර සහ ලිඛිතව ජාත්‍යන්තරව පිළිගත් සයිබර් දැනුම සපයන්නෙකු වීම.

Billington Cybersecurity Summit එක යනු එක්සත් ජනපදයේ ප්‍රමුඛතම රාජ්‍යය සයිබර් සමුළුවයි. එය නවතම සයිබර් ආරක්ෂක ප්‍රවණතා, හොඳම භාවිතයන් සහ තර්ජන සාකච්ඡා කිරීම සඳහා විශේෂඥයින් එක් කරනවා.

2030 වන විට ලොව ප්‍රමුඛතම සයිබර් ආරක්ෂිත ජාතියක් වීමට ඕස්ට්‍රේලියාවට අභිලාෂකාමීව කටයුතු කරනවා. ලුතිනන් ජෙනරාල් Michelle McGuinnessගේ නායකත්වය සහ සම්බන්ධීකරණය යටතේ සහ රජය පුරා සිටින නිලධාරීන්ගේ සහාය ඇතිව, මෙම ඉලක්කය කරා යන ගමනේ සැලකිය යුතු ප්‍රගතියක් මේ වන වටත් ලබාගෙන තිබෙනවා.

Image credit: www.homeaffairs.gov.au 

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025