ජපානයේ සංචාරය කරන ඕස්ට්‍රේලියානුවන්ට කෙරුණු විශේෂ නිවේදනයක් ගැන තමයි මේ කියන්නේ. ජපානයේ සුප්‍රසිද්ධ Kyoto නගරයේ නතර වන ඕස්ට්‍රේලියානු සංචාරකයින්ට ඉක්මනින්ම හෝටල් සංචාරක බද්ද වැඩි වීමකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ නගරයේ සංචාරකයින්ගේ සංඛ්‍යාව අධික ලෙස ඉහළ යාමයි.
ජපානයේ අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍යාංශය මෙම මස මුලදී නව බද්ද තහවුරු කළ අතර, වැඩිවන අනුපාත 2026 සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
වර්තමානයේ, නගරය නවාතැන් බද්දක් රාත්‍රියකට USD10 කට පමණ සීමා වෙනවා. නමුත් ඉහළ යාමත් සමග ඉහළ පෙළේ හෝටල්වල හෝ රාත්‍රියකට ඩොලර් 1000 ට වඩා වැඩි මිලකට නවාතැන් ගන්නා සංචාරකයින්ට USD 100 ක් පමණ ගෙවීමට සිදු වේවි.
USD 500 ත් 1000 ත් අතර කාමර සඳහා රාත්‍රියකට USD 40 ක බද්දක් අය කෙරෙනවා.
USD 200 ත් 500 ත් අතර මිල ගණන් සහිත කාමර සඳහා රාත්‍රියකට USD 10 ක බද්ද ය කිරීමට නියමිතයි.
USD 60 ට අඩු කාමර සඳහා සංචාරකයින්ට ගෙවීමට සිදුවන්නේ USD 2 ක පමණ අගයක්.
Kyoto යනු ජපානයේ සංචාරක මරමස්ථාන වලින් එකක් වන අතර එය එහි අලංකාර පන්සල් සහ සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ප්‍රසිද්ධයි.
Sento Palace, Nishiki Market, Kyoto Imperial Palace සහ Kinkakuji Temple යන ස්ථාන ප්‍රධාන ආකර්ෂණීය ස්ථාන අතර වෙනවා.
ජපානය ඕස්ට්‍රේලියානු සංචාරකයින් සඳහා දිනෙන් දින ජනප්‍රිය වන ගමනාන්තයක්. ජපාන ජාතික සංචාරක සංවිධානයේ දත්ත වලට අනුව, 2024 දී ඕස්ට්‍රේලියානු සංචාරකයින් 920,196 ක් එරටට පැමිණ තිබෙනවා.
මේ වසරේ ජූලි මාසයේදී පමණක් ඕස්ට්‍රේලියාවෙන් 50,200 ක් ජපානයට ගොස් තිබෙනවා. මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ ජපානය වෙත විදේශීය සංචාරකයින් 24,955,390 ක් පැමිණ තිබෙනවා.