Spring එක එහෙමත් නැත්නම් වසන්ත කාලය තමයි පරිසරයේ සහ ස්වභාව දහමේ අපූරු නිර්මාණ දැක බලා ගන්න හොඳම කාලය. ඒ බව දැනටමත් ලඟම තිබෙන ජනේලයෙන් පිටත බලන ඔයාට පැහැදිලි ඇති. ඔස්ට්‍රේලියාව කියන්නේ වසන්ත කාලයේ සුන්දරත්වය ඉහළින්ම අත්පත් කරගන්නා රටක්. මේ කාලයේ සුන්දර දසුන් නරඹන්න හොඳම ප්‍රදේශය විදිහට ඔයා තෝරාගන්නේ කොහෙද?
එළඹිලා තිබෙන වසන්තය, කැන්බරා නගරය වර්ණ හා රටාවන්ගේ සංකලනයෙන් සිත් ඇදගන්නාසුළු ගමනාන්තයක් බවට පරිවර්තනය කරලා තිබෙනවා.
මෙහි පැවැත්වෙන වාර්ෂික Floriade festival එක වර්ග අඩි 86,111 ක් පුරා පැතිරී ඇති විචිත්‍රවත් මල් මිලියනයකට වඩා ඉදිරිපත් කරන අතර, එය දේදුන්නක් පොළොව මත සිතුවම් කර ඇති බවක් දනවනවා.
ඕස්ට්‍රේලියාවේ National Gallery එක ඇතුළු අන්තර්ජාතික මට්ටමේ කලාගාර සහ කෞතුකාගාරවල ඔබට වෙනස්ම අත්දැකීමක් විඳගත හැකියි.
නොවැම්බර් මාසයේ දී Hot-air balloon rides සමග කුරුල්ලෙකුගේ ඇසින් ලස්සන දසුන් දැකගන්න අවස්තාව ලබාදෙනවා.
ඉතින් Canberra නගරය කියන්නේ මේ වසන්ත කාලයේ සුන්දරම දසුන් දැකගන්න හොඳම ස්ථානය.