අපි කලින් article එකකින් කිව්වා ඕනෑම වයසක ඉන්න කෙනෙක්ට job එකක් කරන ගමන් අධ්‍යාපන සුදුසුකම් හදාගන්න උදව් වෙන apprenticeship ගැන. අද අපි බලමු මේ සඳහා සුදුසුකම් ලබන්නේ කවුද කියන දේ සහ මේ සඳහා ඔයාට ලැබෙන financial support එක ගැන.
Apprenticeship සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?
ඔයාට apprenticeship එකක් ආරම්භ කළ හැක්කේ:
- අවුරුදු 18 හෝ ඊට වැඩි නම් (හෝ අවුරුදු 18 ට අඩු නම්, භාරකරුගේ අනුමැතිය තිබේ නම්); සහ
- ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු, ස්ථිර පදිංචිකරුවෙකු හෝ ඕස්ට්‍රේලියාවේ අවම වශයෙන් මාස 6 ක පදිංචියක් සහිත නවසීලන්ත විදේශ ගමන් බලපත්‍ර හිමියෙකු නම්; සහ
- පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන පැය ගණනක් කැපකළ හැකිනම්
ලබා ගත හැකි මූල්‍ය සහාය
ඕස්ට්‍රේලියානු Apprentice කෙනෙක් ලෙස, ඔයාට ඕස්ට්‍රේලියානු රජයෙන් සහ ඔයා අයත් state එකේ හෝ territory එකේ රජයෙන් මෙම සහාය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන්න පුළුවන්.
Financial support එකක් විදිහට ඔයාගේ apprenticeship එක පුරාවට $10,000 ක් දක්වා ගෙවීමක් සිදු කරනවා. මේ ගෙවන මුදල ඔයා කරන රැකියාව අනුව වෙනස් වෙනවා.
ඕස්ට්‍රේලියානු Apprentice කෙනක් ලෙස පුහුණුව ලබා ගැනීමට ඔයාට නිවසින් බැහැරව යාමට සිදුවුණොත්, අමතර ජීවන වියදම් සඳහා සහාය වීමට ඔයාට Living Away From Home Allowance (LAFHA) එක සඳහා සුදුසුකම් ලබන්න අවස්ථාව තිබෙනවා.
ඔයාට ඕස්ට්‍රේලියානු Apprenticeship එක සඳහා අවශ්‍ය trade tools සහ supplies මිලදී ගැනීමට උපකාරයක් වශයෙන් පොලී රහිත ණයක් වන Australian Apprenticeship Support Loan (AASL) එක සඳහා ද සුදුසුකම් ලබන්න අවස්තාව තිබෙනවා. ඔබට මාසික වශයෙන් ගෙවනු ලබන $25,374 (2024/25 අනුපාතය) ක් දක්වා මුදලක් ණයක් වශයෙන් ලබාගන්නත් පුළුවන්.