ඔයාගේ Business එක ගොඩදාන Domain එක

  • Home
  • /
  • Blog
  • /
  • ඔයාගේ Business එක ගොඩදාන Domain එක

ඔයාගෙම business එකක් පටන් ගන්න හිතන් ඉන්න ඔයාට අවශ්‍ය හැමදේම ගැන අපි මේ ලිපි මාලාවෙන් කතා කරනවා. 

ඒකට අදාළ 1 වෙනි කොටසින් අපි කතා කළා business එකක් පටන් ගන්න කලින් පරීක්ෂා කළ යුතු දේවල්, තීරණය කළ යුතු දේවල් සහ කළ යුතු දේවල් මොනවද කියලා. 

ඒ වගේම 2 වෙනි කොටසින් කතා කළා  business එක හරියට define කරගන්න විදිහ. ඒ කියන්නේ ඔයා පටන් ගන්න යන business එකට අදාළ ප්‍රධාන තීරණ කිහිපය ගන්නේ කොහොමද කියන එක. මේකෙදි ඔයා business එකේ ව්‍යුහය, නම සහ ස්ථානය වගේ දේවල් තීරණය කරගත්තා. 

3 වෙනි කොටසේදී අපේ business එකට ගැලපෙන Business Plan එක හදාගන්න විදිහ ගැන කතා කළා. දැන් ඔයාට business plan එකකුත් තියෙනවා.

අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරයකට ලියාපදිංචි කිරීම්, licenses සහ permits අවශ්‍ය වෙනවා. මේවා ඔයාට නීතිය අනුගමනය කිරීමට, බදු බැඳීම් සපුරාලීමට සහ වෙළඳ නාමය ආරක්ෂා කර ගන්න උපකාර වෙනවා. 

මේ සඳහා Business එක Register කිරීමට අදාළ මූලික කරුණු 5ක් ගැන කලින් articles වලදී කතා කළා.

  1. ABN එකක් ලබා ගැනීම 
  2. ඔබේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම
  3. Trade mark එකක් භාවිත කරලා ඔයාගේ brand එක ආරක්ෂා කිරීම 
  4. company එක ලියාපදිංචි කිරීම
  5. බදු සඳහා ලියාපදිංචි වීම

අද කියන්නේ ඊටම අදාළ තවත් කාරණා 2ක් ගැනයි.

6 . නිවැරදි licences සහ permits ලබා ගැනීම

සමහර ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා ඔබට licences, permits හෝ වෙනත් අනුමැතීන් අවශ්‍ය වෙනවා. ඔබට අවශ්‍ය අනුමැතීන් තීරණය වන සාධක වන්නේ;

  • ව්‍යාපාර වර්ගය සහ ක්‍රියාකාරකම්
  • state එක හෝ territory එක
  • පළාත් පාලන ප්‍රදේශය

Australian Business Licence and Information Service (ABLIS) (ඕස්ට්‍රේලියානු ව්‍යාපාර බලපත්‍ර සහ තොරතුරු සේවය) මගින් ඔබට අවශ්‍ය licences සහ permits සොයා ගැනීමට උපකාර ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ industry association එකට හෝ ව්‍යාපාර උපදේශකයෙකු සමඟ කතා කරන්න.

7 . Domain name එකක් ලබා ගැනීම

ඔයාගේ website එක සහ business email එක සඳහා තමයි මේ domain name එක අවශ්‍ය වෙන්නේ. හොඳ domain name එකක් ඔයාගේ ව්‍යාපාරය නියෝජනය කරනවා වගේම මිනිසුන්ට ඒක මතක තබා ගන්නත් පහසු කරනවා. ඔයාට දැන්ම website එකක් හදන්න අදහසක් නැති වුණත්, domain එක register කරලා තියාගන්න එක ඔයාට ඉදිරියේදී ප්‍රයෝජනවත් වේවි.

අද සහ කලින් articles වලින් Business registration එකට අදාළව කතා කරපු හැම දේම සාරාංශයක් විදිහට ගත්තොත් ඔයාගේ checklist එක;

  • ඔබට ABN එකක් අවශ්‍ය නම් සහ එයට අවශ්‍ය හිමිකම් තිබේ නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගන්න.
  • ABN එකක් සඳහා අයදුම් කරන්න
  • ව්‍යාපාර නාමයක් තෝරන්න
  • ඔබේ ව්‍යාපාර නාමය ඔබේම නමට වෙනස් නම් එය ලියාපදිංචි කරන්න
  • ඔබේ trade mark එක කුමක් දැයි තීරණය කරන්න
  • ඔබේ trade marks එක දැනටමත් භාවිත වනවා දැයි පරීක්ෂා කරන්න
  • trade marks සඳහා අයදුම් කරන්න
  • director ID එකක් සඳහා අයදුම් කරන්න (ඔබට දැනටමත් එකක් නොමැති නම්)
  • ඔබේ සමාගම ලියාපදිංචි කරන්න
  • ඔබට අවශ්‍ය බදු ලියාපදිංචි කිරීම් සඳහා කටයුතු සූදානම් කරගන්න 
  • ඒ සියල්ල සඳහා ලියාපදිංචි වන්න
  • ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය licences, permits සහ අනුමැතීන් සඳහා අයදුම් කරන්න
  • ඔබේ ව්‍යාපාරය නියෝජනය කරන domain එකක් තෝරන්න
  • එය දැනටමත් භාවිත වෙනවා දැයි පරීක්ෂා කරන්න
  • ඔබේ domain එක register කරන්න

Don't forget to share this post!

Recent Posts

492
October 14, 2025