ආර්ථික වර්ධනයට නවෝත්පාදනයේ බලපෑම සහ නව තාක්ෂණයන් පැරණි ඒවා ප්‍රතිස්ථාපනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ “creative destruction” ලෙස හැඳින්වෙන ප්‍රධාන ආර්ථික සංකල්පය පිලිබඳ ඔවුන්ගේ පර්යේෂණ සඳහා Joel Mokyr, Philippe Aghion සහ Peter Howitt විසින්, සඳුදා දින ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් අනුස්මරණ ත්‍යාගය දිනා ගත්තා.
ජයග්‍රාහකයින් නියෝජනය කරන්නේ ආර්ථික විද්‍යාවට ප්‍රතිවිරුද්ධ නමුත් අනුපූරක ප්‍රවේශයන්. Mokyr යනු ඓතිහාසික මූලාශ්‍ර භාවිතා කරමින් දිගුකාලීන ප්‍රවණතා සොයා බැලූ ආර්ථික ඉතිහාසඥයෙක්, Howitt සහ Aghion creative destruction එක ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කිරීමට ගණිතය මත විශ්වාසය තැබූවන්.
ලන්දේසි-උපතක් ඇති 79 හැවිරිදි Mokyr Northwestern University එකෙන් ද; 69 හැවිරිදි Aghion, Collège de France සහ London School of Economics වෙතින් ද; සහ කැනේඩියානු-උපතක් ඇති 79 හැවිරිදි Howitt, Brown University එකෙන් ද අධ්‍යාපනය හදාරා තිබෙනවා.
ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා වන Sveriges Riksbank Prize ලෙස හැඳින්වෙන මෙම ගෞරවනීය සම්මානය, මෙම වසරේ ලබා දෙන අවසාන ත්‍යාගය වන අතර එය Swedish crowns මිලියන 11 ක් (ඩොලර් මිලියන 1.2) වටිනා කමක් දරනවා.
“තිරසාර වර්ධනයක් සුළු කොට තැකිය නොහැකි බව සම්මානලාභීන් අපට උගන්වා ඇත. වර්ධනය නොව ආර්ථික එකතැන පල්වීම මානව ඉතිහාසයේ වැඩි කාලයක් සඳහා සම්මතය වී ඇත. අඛණ්ඩ වර්ධනයට ඇති තර්ජන පිළිබඳව අප දැනුවත් විය යුතු බවත් ඒවාට ප්‍රතිරෝධය දැක්විය යුතු බවත් ඔවුන්ගේ කාර්යයන් පෙන්නුම් කරයි” යනුවෙන් ත්‍යාග ප්‍රදානය කරන ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
ත්‍යාගයෙන් අඩක් Mokyr ට පිරිනමන ලද අතර අනෙක් භාගය Aghion සහ Howitt අතර බෙදා ගැනුණා. ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය මුලින්ම ප්‍රදානය කරන ලද්දේ 1969 දී යි.
Image credit: www.reuters.com