වැඩ කරන පැය 8ට පෙරමුණ ගත් ඕස්ට්‍රේලියානුවෝ

  • Home
  • /
  • Blog
  • /
  • වැඩ කරන පැය 8ට පෙරමුණ ගත් ඕස්ට්‍රේලියානුවෝ

දිනක පැය 8ක් පමණක් වැඩ කිරීම වෙනුවෙන් ඉතිහාසයේ සටන් කළ කම්කරුවන්ට අපි අදත් ස්තූතිවන්ත වෙනවා. නැත්නම් අපිටත් අදටත් ඇතැම් යුරෝපීය රටවල් වගේ වැඩි කාලයක් වැඩ කිරීමට සිදු වේවි. 

මේ පැය 8 වැඩමුරය දිනා ගැනීමේ ගෞරවයේ මූලාරම්භය ගැන ඔබ නොදත් කතාවක් තමයි මේ කියන්නේ. ඒ තමයි මේ විප්ලවයේ ආරම්භයේම සිටියේ ඔබත් මමත් දැන් ජීවත් වන මේ බිමේම සේවය කළ කම්කරුවන් පිරිසක්.

1856 දී ඕස්ට්‍රේලියානු ගල් වඩු කාර්මිකයන් පිරිසක් තමයි ලොව මුල්ම වරට වැඩ කරන පැය ගණන සීමා කිරීම සඳහා සාර්ථකව උද්ඝෝෂණය කළේ. එය පසුව ලොව පුරා ව්‍යාප්ත වුණා. 

ෆින්ලන්තය 1907 දී මෙම දිනකට පැය 8ක් වැඩ කරන ප්‍රතිපත්තිය අනුගමනය කළා. 1918 දී ජර්මනිය සහ පෝලන්තය මීට එකතු වුණා. එක්සත් රාජධානිය තුළ තවමත් දිනකට වැඩ කරන උපරිම පැය ගණන සතියකට පැය 48 ක්. 

ඉතින් මේ පය 8හි වැඩ මුරය පිළිබඳ ඇප කැප වූ සියලු දෙනාට අප ස්තූතිවන්ත විය යුතුයි.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025