ඕස්ට්‍රේලියාව තුළ ඔයාට/ ඔයාගේ දරුවට තිබෙන අධ්‍යාපන අවස්ථා බොහොමයක් ගැන අපි විවිධ articles වලින් කතා කරලා තිබෙනවා.
අද අපි කියන්නේ ඕස්ට්‍රේලියාවේ පාසල් පද්ධතිය සංවිධානය වෙලා තිබෙන විදිහ ගැන.
Kindergarten වල සිට 12 ශ්‍රේණිය දක්වා, ඕස්ට්‍රේලියානු පාසල් වල ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාවන්, කලා, ඉංග්‍රීසි හැර වෙනත් භාෂා, තාක්ෂණයන් සහ සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන ඉගෙනුම් ක්ෂේත්‍ර හරහා ඵලදායී ඉගැන්වීමක් ලබා දීමට අවධානය යොමු කරනවා.
ඉගැන්වෙන කුසලතා අතර සන්නිවේදනය, කණ්ඩායම් වැඩ සහ පුද්ගලික සංවර්ධනය ඇතුළත් වෙනවා. පාසල් විෂය මාලාවේ අරමුණ වෙන්නේ සිසුන් තමන්ට, ඔවුන්ගේ සම වයසේ මිතුරන්ට සහ ගෝලීය සමාජයට ගරු කරමින් ස්වාධීන සහ සාර්ථක ශිෂ්‍යයන් බවට පත් කිරීමයි.
පාසල් පද්ධතිය
සම්පූර්ණ ඕස්ට්‍රේලියානු පාසල් අධ්‍යාපනයක් අවුරුදු 13ක් පුරා විහිදෙන අතර එයට ඇතුළත් වන්නේ:
- Foundation: Preschool, preparatory school, හෝ kindergarten ලෙසද හැඳින්වෙන අතර වයස අවුරුදු 3-5 අතර දරුවන් සඳහා පැවැත්වෙනවා.
- Primary school: 1-6 ශ්‍රේණිවල සිටින දරුවන් සඳහා වන අතර මෙය අනිවාර්ය වෙනවා.
- Secondary school: හෙවත් high school ලෙසද හැඳින්වෙන අතර 7-10 ශ්‍රේණිවල දරුවන් සඳහා අනිවාර්ය වෙනවා.
- Senior secondary school: හෙවත් senior secondary college, 11-12 ශ්‍රේණිවල සිට ආරම්භ වෙනවා.
මේ සමගම ඕස්ට්‍රේලියාවේ විවිධ වර්ගයේ පාසල් තිබෙනවා. ඒවා අතර;
- Government (public) සහ non-government (private හෝ independent) schools
- Faith-based schools (e.g. කතෝලික හෝ ඉස්ලාම් පාසල්)
- විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සඳහා පහසුකම් සපයන පාසල්
- විවිධ වයස් කාණ්ඩ සහ අධ්‍යයන මට්ටම් සඳහා පහසුකම් සපයන පාසල් (e.g. primary schools සහ high schools)
- අධ්‍යාපන දර්ශන මත පදනම් වූ පාසල් (e.g., Montessori සහ Steiner schools).
ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර පාසල් හරහා වෙනත් රටවල සිටින සිසුන්ටත් ඕස්ට්‍රේලියානු විෂය මාලාව හදාරන්න අවස්ථාව ලැබෙනවා. මෙම පාසල්වල ඕස්ට්‍රේලියානු විෂය මාලාව පිළිබඳ පුහුණුව ලත් සහ සුදුසුකම් ලත් ගුරුවරුන් සිටින අතර ඕස්ට්‍රේලියාවේ ඇති අධ්‍යයන ප්‍රමිතීන්ම අනුගමනය කරනවා.