පසුගිය article එකකින් අපි කතා කළා තමන්ගේ නිවසට යාබද ස්ථාන වලදීම වැඩිපුර මාර්ග අනතුරු වලට මුහුණ දීමට සිදු වීම ගැන. ඒ සඳහා හේතු වන inattention blindness වැනි හේතු ගැනත් කිව්වා.
අද අපි කියන්න හදන්නේ ඒ වගේම මාරාන්තික අනතුරු වලට හේතු වන තවත් කරුණු කිහිපයක්.
මේක පුදුමයට කරුණක් නෙවෙයි. බොහෝ accidents සිදුවන්නේ සවස් කාලයේදී දෛනික වැඩ නිම වෙලා වෙහෙසට පත් වී සිටින්නන්ගෙන් මාර්ග පිරී රථවාහන තදබදය වැඩි වන විටයි. දිගු කාලයක් රිය පැදවීම සහ නරක අතට හැරෙන ආලෝක තත්ත්වයන් හේතුවෙන් රියදුරෙකුගේ අවධානය යොමු කිරීමේ හැකියාව අඩු වන විට, මෝටර් රථ අනතුරක් සිදුවීමේ සම්භාවිතාව වැඩි වෙනවා.
මෙම කාර්යබහුල වේලාවට පෙර වෙලාව තමයි මාරාන්තික අනතුරු වැඩිම කාලය. ඕස්ට්‍රේලියානු රජයේ සංඛ්‍යාලේඛන පිළිබඳ Teletrac Navman ගේ විශ්ලේෂණයට අනුව, වඩාත් ජනාකීර්ණ ප්‍රදේශවල මාර්ගයේ සිටීමට වඩාත්ම භයානක කාලය සවස 3 සිට සවස 4 දක්වා වෙලාවයි.
හුරුපුරුදු පාරවල්, මිනිසුන් වඩාත් නොසැලකිලිමත් ලෙස රිය පැදවීමට හේතුවක් වෙන්න පුළුවන්. පුරුදු පාරවල් වලදී ගොඩක් දෙනා ආරක්‍ෂක තත්ත්ව නොසලකා හරින අතර අවදානම් සහගත හැසිරීම් වල යෙදෙනවා.
ඔයා ජීවත් වෙන ප්‍රදේශයේ මාර්ග කොතරම් හොඳින් දැනගෙන සිටියත්, රිය පැදවීමේ තත්වයන් සහ කාලගුණය අනපේක්ෂිත වෙන්න පුළුවන්. විශේෂයෙන්ම winter එකේදී, වර්ෂාව මාර්ග ලිස්සන සුළු කරනවා. ඒ වගේම කෙටි දිවා ආලෝකය සහ මීදුම නිසා දෘශ්‍යතාව ද අඩු වෙනවා.
revers කිරීමේදී, rear-ending වලදී සහ යම් යම් දේවල් වල ගැටීම ඇතුළුව single සහ multi-vehicle accidents රැසක් සිදු වෙනවා. ඇතැම් දත්ත වලට අනුව මැයි සහ ජූලි මාසවල වැඩිම මෝටර් රථ අනතුරු සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
ඉතින් මේ දේවල් ගැන අවධානයෙන් සිටීමෙන් අනතුරු අවම කරගන්න පුළුවන්.