Airports වලදී සද්දෙට බැනුම් අහපු Trump

  • Home
  • /
  • News
  • /
  • Airports වලදී සද්දෙට බැනුම් අහපු Trump

අඟහරුවාදා උතුරු ඇමරිකාවේ ගුවන්තොටුපළවල් 4ක පර්යන්තවල, මහජන ඇමතුම් පද්ධති හරහා හමාස් සංවිධානයට ප්‍රශංසා කරමින් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැතිට පහර දෙමින් අනවසර පලස්තීන හිතවාදී දේශපාලන පණිවිඩ විකාශනය කරන ලද අතර, එමඟින් මෙහෙයුම් කඩාකප්පල් වී තිබෙනවා.

සමාජ මාධ්‍යවල මගීන් විසින් පළ කරන ලද වීඩියෝවලින් Pennsylvania හි Harrisburg ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අනවසර පටිගත කිරීම් විකාශනය කර ඇති බව පෙනී යනවා.

රටේ ගුවන්තොටුපළ නියාමනය කරන Transport Canada දක්වන ආකාරයට අනුව, Ontario හි Windsor ජාත්‍යන්තර ගුවන්තොටුපළ සමඟ British Columbiaවේ Kelowna ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ Victoria ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ද මෙවැනි සිදුවීම් වාර්තා වී තිබෙනවා.

මෙම පණිවිඩ හරහා හමාස් වෙත ප්‍රශංසා කරන අතර, අසභ්‍ය වචන භාවිතා කරමින්  ට්‍රම්ප් පරිපාලනය සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විවේචනයට ලක් කරනවා.

එක්සත් ජනපද ප්‍රවාහන ලේකම් Sean Duffy සමාජ මාධ්‍ය ඔස්සේ පැවසුවේ, FAA Harrisburg ගුවන්තොටුපළ සමඟ මේ සඳහා විමර්ෂණ කටයුතු කරගෙන යන බවයි.

ගුවන් ගමන් කර්මාන්තය සයිබර් ප්‍රහාර රැසකට මුහුණ දී සිටින අතර එමඟින් ගනුදෙනුකරුවන්ට බාධා ඇති වී තිබෙනවා. ඒ වගේම ලොව විශාලතම ගුවන් තොටුපළවල් කිහිපයක් නතර වී තිබෙනවා. FBI සඳහන් කරන ආකාරයට ජුනි මාසයේදී, කුප්‍රකට සයිබර් අපරාධ කණ්ඩායමක් ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ගුවන් සමාගම්වල පරිගණක ජාලවලට කඩා වැදුණා. 

පසුගිය මාසයේ, හැකර්වරු passenger check-in system එකකට ප්‍රහාර එල්ල කළ අතර, එමඟින් යුරෝපය පුරා ගුවන් තොටුපළවල දිගු ප්‍රමාදයන්, අවලංගු කිරීම් සහ අවුල් සහගත තත්ත්වයන් ඇති වුණා.

අඟහරුවාදා Harrisburg ගුවන් තොටුපළේදී, අනවසර පරිශීලකයෙකු ගුවන් තොටුපළ PA පද්ධතියට ප්‍රවේශ වී අනවසරයෙන් පටිගත කළ පණිවිඩයක් විකාශනය කළා බව ගුවන් තොටුපළ ප්‍රකාශක Scott Miller, CNN අනුබද්ධ WGAL වෙත පවසා තිබුණා.

Don't forget to share this post!

Recent Posts

502
October 17, 2025