නවතම විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය දුර්වල වන අතර නවතම ගෝලීය විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල ඉහළම 10 දෙනා අතරින් ඇමරිකා එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍රය පහත වැටී තිබෙනවා.
2025 ශ්‍රේණිගත කිරීම් මෙම සතියේ නිකුත් කළා. Henley Passport Index හි නිර්මාතෘ Christian H. Kaelin පැවසුවේ “global mobility landscape” එක සියුම් ලෙස සමතුලිත වූ බවයි.
“විවෘතභාවය සහ සහයෝගීතාවය වැළඳ ගන්නා ජාතීන් ඉදිරියට යමින් සිටින අතර, අතීත වරප්‍රසාද මත රඳා සිටින අය පිටුපසින් සිටිති.”
පසුගිය වසරේ ඕස්ට්‍රේලියානුවන්ට රටවල් හතරකට වීසා රහිත ප්‍රවේශය අහිමි වූ බව ශ්‍රේණිගත කිරීම්වලින් පෙනී යන්නේ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය 6වන ස්ථානයේ සිට 7වන දක්වා දුර්වල කරමින්.
Czechia, Malta සහ Poland සමඟ සම ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියානුවන්ට රටවල් 185 කට ඇතුළු වීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නවසීලන්ත ජාතිකයින්ට වීසා රහිතව රටවල් 186 කට ඇතුළු විය හැකියි.
පසුගිය වසර තුළ සිංගප්පූරුව ශ්‍රේණිගත කිරීම්වල සම්පූර්ණයෙන්ම පෙරමුණ ගෙන තිබෙනවා.
සිංගප්පූරු ජාතිකයින්ට වීසා නොමැතිව රටවල් 193 කට ඇතුළු විය හැකි අතර, දකුණු කොරියාවට 190 ක් සහ ජපානයට 189 ක් ලෙස දැක්වෙනවා.
ජර්මනිය, ඉතාලිය, ලක්සම්බර්ග්, ස්පාඤ්ඤය සහ ස්විට්සර්ලන්තය යන සියල්ලන්ම 4වන ස්ථානයේ සිටිනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළඳ යුද්ධය හේතුවෙන් එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍රය පළමු වරට ඉහළම 10 න්, 12 වන ස්ථානයට පහත වැටී තිබෙනවා.
2014 දී ඉහළම ස්ථානයේ සිට, බ්‍රසීලය සහ ඇමරිකා එක්සත් ජනපදය එකිනෙකාගේ පුරවැසියන්ට වීසා රහිත ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම නිසා එක්සත් ජනපදයට මෙම වසරේ තවත් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන අහිමි වුණා. චීනය, වියට්නාමය සහ සෝමාලියාව ද පසුගිය වසරේ ද ඇමරිකානුවන් මග හැරියා.
ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ දත්ත භාවිතා කරමින් මනිනු ලබන මිනුමකින්, ඕස්ට්‍රේලියාව ලෝකයේ වඩාත්ම අසමමිතික වීසා විධිවිධාන ඇති බව Henley and Partners මගින් පෙන්වා දෙනවා.