කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) නව මෙහෙයුම් වෙනසක් ඊයේ (17) ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.00 සිට ක්‍රියාත්මක වෙනවා.
ගුවන්තොටුපළ බලධාරීන්ට අනුව, පිටත්ව යන මගීන්ට ඔවුන්ගේ නියමිත ගුවන් ගමන් වේලාවට පැය 4කට පෙර ගුවන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවට දැන් අවසර ලබා දී තිබෙනවා. මීට පෙර මෙම කාලසීමාව පැවතුණේ පැය 3ක් ලෙසයි.
මෙම පියවර මගින් මගීන්ගේ පහසුව වැඩි දියුණු කිරීම, තදබදය අඩු කිරීම සහ ගුවන්තොටුපළ මෙහෙයුම් තවදුරටත් විධිමත් කිරීම, සියලු සංචාරකයින් සඳහා වඩා සුහදශීලී ගමන් අත්දැකීමක් සහතික කිරීම අරමුණු කර තිබෙනවා.