ඕස්ට්‍රේලියාවේ, විවාහ වෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට සියලු දෙනාටම නිදහස තිබෙනවා. සාමාන්‍යයෙන්, නීත්‍යානුකූලව විවාහ වීමට පුද්ගලයෙකුට වයස අවුරුදු 18 ට වැඩි විය යුතුයි. සමහර තත්වයන් යටතේ වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයෙකුට විවාහ වෙන්න පුළුවන්. නමුත් මේකට අධිකරණ නියෝගයක් අවශ්‍ය වෙනවා.
දැනටමත් විවාහ වී සිටින කෙනෙක්ට, වැන්දඹුවක් හෝ නීත්‍යානුකූලව දික්කසාද වී ඇත්නම් මිස වෙනත් පුද්ගලයෙකු සමඟ විවාහ වෙන්න බැහැ. එකවර එක් අයෙකුට වඩා විවාහ කරගෙන සිටීම ද්වි විවාහය හෝ බහු විවාහය ලෙස හැඳින්වෙන අතර එය සිරගත කිරීමට හේතු වෙන්න පුළුවන්.
ඕනෑම කෙනෙකුට විවාහ වීමට බල කිරීම, ඕස්ට්‍රේලියාවේ දී බරපතල අපරාධයක්. ඕනෑම පුද්ගලයෙක් බලහත්කාරයෙන් හෝ රැවටීමකින් තොරව විවාහයට එකඟ විය යුතුයි.
දෙදෙනාම විවාහ වීමට කැමැත්ත පළ කරන යෝජිත විවාහයක් බලහත්කාර විවාහයකට වඩා වෙනස්. යෝජිත විවාහ ඕස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූලයි. බලහත්කාර විවාහයක් සඳහා කෙනෙකු වෙනත් රටකට රැගෙන යාම හෝ යැවීම වගේම මෙය සංවිධානය කිරීමට වෙනත් අයෙකු සම්බන්ධ කිරීමත් නීති විරෝධී යි.
දෑවැද්දක් ලබා දීම ඕස්ට්‍රේලියාවේ චාරිත්‍රානුකූල පිළිවෙතක් නොවන බව ද සැලකිල්ලට ගත යුතුයි.
ඔබට මේ දේවල් පිළිබඳ ඇති ගැටළු කතා කිරීමට සංස්කෘතික වශයෙන් සංවේදීව ඔබට ඇහුම්කන් දෙන සේවාවන් ඕස්ට්‍රේලියාව තුළ තිබෙනවා. ඒ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න www.1800RESPECT.org.au වෙබ් අඩවියට පිවිසෙන්න.