ඕනෑම අවස්ථාවකට විදේශීය අමුත්තන් ගෙන්වන්න සහය

  • Home
  • /
  • Blog
  • /
  • ඕනෑම අවස්ථාවකට විදේශීය අමුත්තන් ගෙන්වන්න සහය

තාවකාලික වැඩසටහනක් සඳහා වෙනත් රටක සිටින කෙනෙක් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්න උදව් වෙන visa වර්ග ගැන අපි කලින් article එකකින් කතා කළා. අද මේ කියන්න හදන්නේ මේ වගේ ඔයා සංවිධානය කරන events වලට වෙනත් රටවල පුද්ගලයින් ගෙන්වා ගන්න උදව් වෙන තවත් කාරණා කිහිපයක් ගැන.

International Event Coordinator Network

International Event Coordinator Network (IECN) එක විසින් පහත සඳහන් ආකාරයේ සිදුවීම් සඳහා event organisers ලාට visa බලපත්‍ර පිළිබඳ නොමිලේ උපදෙස් ලබා දෙනවා;

  • business හෝ academic meetings, conferences සහ seminars
  • sporting tournaments, championships සහ games
  • trade shows, expos සහ fairs
  • සංස්කෘතික උත්සව
  • ආගමික උත්සව 

උපාධි ප්‍රදානෝත්සව, උපන්දින සාද, විවාහ මංගල්‍ය හෝ සම්මුඛ පරීක්ෂණ හෝ විභාගවලට සහභාගී වීම වැනි පුද්ගලික අවස්ථා සඳහානම් IECN සහය දක්වන්නේ නැහැ.

International participants ලා සහභාගී වන ඕස්ට්‍රේලියාවේ සම්මන්ත්‍රණ සහ උත්සව කළමනාකරණය කරන, organising committees වලට වීසා සහ දේශසීමා අවශ්‍යතා පිළිබඳ උපදෙස් ලබා දීමටත් ඔවුන් ඉදිරිපත් වෙනවා.

International participants ලා සහ නියෝජිතයින් (ඕනෑම කොන්ත්‍රාත්කරුවන්/වෘතිකයින් ඇතුළුව) සම්බන්ධ වන උත්සවයක සම්බන්ධීකරණ කටයුතු හෝ පහසුකම් සැපයීම සඳහා ඔයාගේ ආයතනය/ සංවිධානය සම්බන්ධ වෙලා තිබෙනවානම්, ඔයා උත්සව පිළිබඳ පූර්ව දැනුම්දීමක් කළොත් උත්සවයට සම්බන්ධ සියලුම පාර්ශවයන්ට කාලෝචිත උපදෙස් ලබා දීමට IECN සහය වෙනවා. 

මේ මගින් participantsලාට නිවැරදි visa බලපත්‍ර සඳහා අයදුම් කිරීමට සහ ඔවුන් සුදුසුකම් ලබන්නේ නම්, උත්සවය සඳහා නියමිත වේලාවට වීසා බලපත්‍රයක් ලබා දීමට ද සහාය වෙනවා. ගමන් මලු, උපකරණ සහ අනෙකුත් භාණ්ඩ සම්බන්ධයෙන් ආනයන සහ අපනයන අවශ්‍යතා පිළිබඳ අදාළ තොරතුරු ලබා දීමද මීට ඇතුලත්.

ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම අමුත්තන්ට ඕස්ට්‍රේලියාවට පැමිණීමට සහ ඇතුළු වීමට වලංගු වීසා බලපත්‍රයක් තිබිය යුතුයි. නවසීලන්ත විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට සාමාන්‍යයෙන් ඔවුන්ගේ පිටත්වීමට පෙර වීසා අයදුම්පතක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තත්ත්වය වෙනස් වෙන්නේ ඔවුන්ට සෞඛ්‍ය සහ/හෝ චරිතය සම්බන්ධ ගැටළු තිබෙනවානම් පමණයි. එලෙස IECN එක මගින් participants ලාට සුදුසු වීසා බලපත්‍රය තෝරා ගැනීමට උදව් කරනවා.

Don't forget to share this post!

Recent Posts

515
October 20, 2025