සුදුසුකම් නැතත් ලැබෙන රැකියා – කාන්තාවන්ට විශේෂයි

  • Home
  • /
  • Blog
  • /
  • සුදුසුකම් නැතත් ලැබෙන රැකියා – කාන්තාවන්ට විශේෂයි

අපි කලින් article එකකින් කිව්වා ඕනෑම වයසක ඉන්න කෙනෙක්ට job එකක් කරන ගමන් අධ්‍යාපන සුදුසුකම් හදාගන්න උදව් වෙන apprenticeship ගැන සහ මේ සඳහා සුදුසුකම් ලබන්නේ කවුද කියන දේ. ඒ වගේම ඔයාට ලැබෙන financial support එක ගැනත් කිව්වා.

අද අපි බලමු apprenticeship එක සඳහා ලබාගත හැකි ලබා ගත හැකි වෙනත් ආධාර මොනවාද කියන දේ සහ මේ apprenticeship සඳහා වැඩියෙන්ම නැඹුරු වෙලා තියෙන්නේ කවුද කියන දේ.

Apprenticeship එක සඳහා ලබාගත හැකි ලබා ගත හැකි වෙනත් ආධාර මොනවාද?

Apprentice Connect Australia Providers යනු Australian Apprenticeships system එකට පිවිසෙන දොරටුව වන අතර ඔබේ apprenticeship එකෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට එය ඔබට සහාය වෙනවා.

Apprentice Connect Australia Providers කියන්නේ ඔයාට නොමිලේ සහාය ලබා ගත හැකි ජාතික සේවාවක්. ඒ මගින්;

  • ඔබේ apprenticeship journey එක කළමනාකරණය කිරීමට සහ ඔයාගේ වගකීම් තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් උපදෙස් ලබා දීම 
  • personalised support services සපයනු ලබන අතර එම සේවාවන් ඔයාගේ පුද්ගලික අවශ්‍යතා මත පදනම් වෙනවා වගේම නිසි මග පෙන්වීම, වෘත්තීය මාර්ගෝපදේශනය, සම වයසේ මිතුරන්ගේ සහාය, ගැටුම් නිරාකරණය සහ වෙනත් විශේෂඥ සේවාවන් වෙත යොමු කිරීම මීට ඇතුළත් වෙනවා 
  • අමතර සහාය සහ දිරිගැන්වීම් සඳහා අවශ්‍ය සුදුසුකම් පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දීම 

ඔබේ apprenticeship ගමනට අවශ්‍ය මග පෙන්වීම සහ සහාය සඳහා, ඔයාගේ ප්‍රදේශයට අදාළ Apprentice Connect Australia Provider අමතන්න.

ශ්‍රම බලකායෙන් බහුතරයක් කාන්තාවන් වන කර්මාන්තවල apprenticeship සඳහා ඇතුළත් වීමට වැඩි ඉඩක් තිබෙනවා. උදාහරණයක් විදිහට, childcare workeසහ කොණ්ඩා මෝස්තර ශිල්පිනියන්. 

කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපය තුළ කාන්තාවන් පුරුෂ ආධිපත්‍යය සහිත වෘත්තීන් වෙත පිවිසීම කෙරෙහි ධනාත්මක ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර, 2019 සිට එය 2.7% ක වැඩිවීමක් පෙන්නුම් කරනවා. මෙම ප්‍රවණතාවය Plimbers, Carpenters and joiners, Electricians යන විශාලතම වෘත්තීන් 3 ක් හරහා ප්‍රතිනිර්මාණය වුණා.

apprenticeship එක හරහා ලබා ගන්නා සුදුසුකමක් රැකියාවේ දී වගේම වැඩිදුර පුහුණු වීමේදී ද උදව් වෙනවා. සුදුසුකම් ලැබූ පසු, apprentices ලාට තම සේවායෝජකයා සමඟ ඉදිරියට යාමට, කුසලතා තවදුරටත් ඉහළ නැංවීමට හෝ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවස්ථාව තිබෙනවා. 2022 දී පුහුණුව අවසන් කළ ආධුනිකයින්ගෙන් 94% ක් පමණ වාර්තා කර තිබෙන්නේ ඔවුන් රැකියාවක නිරත වෙන බව හෝ වැඩිදුර අධ්‍යයන කටයුතු වල යෙදී සිටින බවයි.

Don't forget to share this post!

Recent Posts

520
October 21, 2025