ඉරිදා පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ සිදු වූ ප්‍රධාන ස්වර්ණාභරණ මංකොල්ලය වැළැක්වීමට පවතී ආරක්ෂක පියවර අසාර්ථක වීම රට පිළිබඳ ඉතා සෘණාත්මක ප්‍රතිරූපයක් නිර්මාණය කළ බව ප්‍රංශ අධිකරණ අමාත්‍යවරයා පවසනවා.
ලොව ජනප්‍රියම කෞතුකාගාරයට මහ දවල් කඩා වැදී, මිල කළ නොහැකි වටිනාකමක් ඇති භාණ්ඩ අටක් සොරකම් කර, ස්කූටර්වලින් පලා යාමට සොරුන් කණ්ඩායමක් සමත් වුණා.
සොරුන් ඉක්මනින් අල්ලා නොගතහොත්, නැපෝලියන් අධිරාජ්‍යයා තම බිරිඳට දුන් දියමන්ති සහ මරකත මාලයක් ඇතුළුව මිල කළ නොහැකි භාණ්ඩ, කඩා රටින් පිටතට ගෙන යාමේ අවධානමක් පවතිනවා.
සොරකමෙන් පසු සඳුදා කෞතුකාගාරය වසා තබන බව නිවේදනය කෙරුණා.
නමුත් සොරකම් කරන ලද සහ කොල්ලකන ලද කලා කෘති ස්ථානගත කිරීම සහ නැවත ලබා ගැනීම පිළිබඳ විශේෂඥ සංවිධානයක ප්‍රධානියා අනතුරු ඇඟවූයේ ඉදිරි පැය 24 සිට 48 දක්වා කාලය තුළ සොරුන් අල්ලා නොගතහොත්, සොරකම් කරන ලද ආභරණ දැනටමත් නැති වී ඇති බවයි. “දැන් තරඟයක් පැවැත්වෙනවා,” Art Recovery International හි ප්‍රධාන විධායක Chris Marinello, BBC ලෝක සේවයේ ප්‍රවෘත්ති වැඩසටහනට පවසා තිබුණා.
මංකොල්ලයේදී සොරකම් කරන ලද ඔටුනු සහ කිරුළු පහසුවෙන් කඩා කුඩා කොටස් ලෙස විකිණිය හැකියි.
“සොරුන් ඒවා නොවෙනස්ව තබා ගන්නේ නැහැ, ඔවුන් ඒවා කඩා දැමීමට, වටිනා ලෝහ උණු කිරීමට, වටිනා ගල් නැවත කපා ඔවුන්ගේ අපරාධයේ සාක්ෂි සඟවා ගැනීමට නියමිතයි”. Marinello මහතා පැවසුවේ, මෙම ආභරණ නොවෙනස්ව විකිණීම දුෂ්කර වනු ඇති බවයි.
ප්‍රංශ පොලිසිය “ඉදිරි පැය 24 හෝ 48 තුළ, මෙම සොරුන් අල්ලා නොගතහොත්, එම කෑලි බොහෝ විට නැති වී ගොස් ඇති බව සිතාගන්න වෙනවා” ඔහු පැවසුවා.
“ඔවුන්ට අපරාධකරුවන් අල්ලා ගත හැකි නමුත් ඔවුන්ට ආභරණ නැවත ලබා ගත නොහැක.”
ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Laurent Nuñez පැවසුවේ ප්‍රංශයේ කෞතුකාගාරවල ආරක්ෂාවේ “විශාල අවදානමක්” ඇති බව තමා දන්නා බවයි.
සොරකම සිදු වූ කාමරයේ ආරක්‍ෂක කැමරා නොමැති බව නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත විගණක අධිකරණයේ මූලික වාර්තාවක සඳහන් කර ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරනවා.
ගැලරියේ alarm එක මෑතකදී කැඩී ගිය බවත්, alarm එක අක්‍රිය කර ඇත්දැයි දැන ගැනීමට විමර්ශන කටයුතු අවසන් වන තුරු බලා සිටිය යුතු බවත් French Senate’s finance committee එකෙහි සාමාජිකාවක් වන Nathalie Goulet BBC Radio 4’s Today වැඩසටහනට පවසා තිබුණා.
මෙය money laundering system එකක භාවිත වනු ඇති බවත් ඇය පැවසුවා.
කෞතුකාගාරය නරඹන්නන් සඳහා විවෘත කිරීමෙන් ටික මොහොතකට පසු පසු ඉරිදා උදෑසන දේශීය වේලාවෙන් 09:30 ත් 09:40 ත් අතර කාලය තුළ සොරකම සිදු වුණා.
වෙස්මුහුණු පැළඳ සිටි සොරුන් 4 දෙනෙක් Seine ගඟට ආසන්න බැල්කනියක් හරහා Galerie d’Apollon (Apollo ගැලරිය) වෙත ප්‍රවේශ වීමට යාන්ත්‍රික සෝපානයක් සහිත ට්‍රක් රථයක් භාවිතා කර තිබුණා.
එම ස්ථානයේ පින්තූරවල, පළමු මහලේ ජනේලයකට දිවෙන සේ වාහනයක සවිකර ඇති ඉණිමඟක් දැකගන්න ලැබුණා.
සොරුන් දෙදෙනෙක් බැටරි බලයෙන් ක්‍රියාත්මක වන disc cutter එකකින් වීදුරු කපා කෞතුකාගාරයට ඇතුළු වුණා.
පසුව ඔවුන් ආරක්ෂකයින්ට තර්ජනය කර, ඔවුන් ගොඩනැගිල්ලෙන් ඉවත් කර තිබුණා.
සොරුන් වීදුරු display cases කඩා දමා ස්වර්ණාභරණ සොරකම් කළ අතර, එහි දියමන්ති සහ වටිනා මැණික් දහස් ගණනක් අඩංගු වුණා.
මංකොල්ලයට ගත වූයේ මිනිත්තු 7ක් පමණයි.
කෞතුකාගාරයේ අනතුරු ඇඟවීමේ සංඥා නාද වීමට පටන් ගත් විට, කාර්ය මණ්ඩලය ආරක්ෂක අංශ සම්බන්ධ කර ගනිමින් නියමිත පියවර අනුගමනය කළ බව සංස්කෘතික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
සොරුන් පිටත ඔවුන්ගේ වාහනයට ගිනි තැබීමට උත්සාහ කළ නමුත් කෞතුකාගාර කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ මැදිහත්වීමෙන් එය වළක්වා ගත් බව එහි වැඩිදුරටත් සඳහන්.
නැපෝලියන් ඔහුගේ බිරිඳ වන මාරි ලුයිස් අධිරාජිනියට ලබා දුන් මරකත (emerald) සහ දියමන්ති මාලයක් ඇතුළුව ආභරණ 8ක් මෙලෙස සොරකම් කර තිබෙනවා.
දියමන්ති 2,000 කට ආසන්න ප්‍රමාණයක් ඇති නැපෝලියන් III ගේ බිරිඳ වන Eugénie අධිරාජිනියට අයත් වූ diadem (හිසේ පළඳන ස්වර්ණාභරණයක්) එකක් ද රැගෙන ගොස් තිබෙනවා.
Louvre වෙබ් අඩවියට අනුව, ඔවුන් වරක් ප්‍රංශයේ අවසාන රැජින වූ Marie-Amelie අයත් වූ නිල් මැණික් 8ක් සහ දියමන්ති 631 ක් අඩංගු මාලයක් ද රැගෙන ගොස් තිබෙනවා.