මෑතකදී ඇෆ්ගනිස්ථානයේ Paktika පළාතේ සිදු වූ ගුවන් ප්‍රහාරයකින් ජීවිත අහිමි වූ තරුණ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු වන Kabeer Agha, Sibghatullah, සහ Haroon යන අයගේ ඛේදජනක මරණ සම්බන්ධයෙන් International Cricket Council (ICC) එක ද සිය ශෝකය පළ කර සිටිනවා.
මිත්‍රශීලී ක්‍රිකට් තරඟයකට සහභාගී වීමෙන් පසු මෙම තරුණයින් තිදෙනා නිවසට යමින් සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති අතර මිය ගිය මුළු පිරිස 8ක්.
මෙම සිදුවීමත් සමග එළඹෙන මාසයේදී ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ 3 කොන් එක්දින ක්‍රිකට් තරන්ගාවලියෙන් ඉවත් වීමට ඇෆ්ගනිස්තානය තීරණය කර තිබෙනවා.