මත්ද්‍රව්‍ය වලට වැට බඳින ඕස්ට්‍රේලියානු නීතිය

  • Home
  • /
  • Blog
  • /
  • මත්ද්‍රව්‍ය වලට වැට බඳින ඕස්ට්‍රේලියානු නීතිය

සමහර මත්ද්‍රව්‍ය නීත්‍යානුකූල බව සහ අනෙක් ඒවා නීති විරෝධී බව සිතුවත්, බොහෝ මත්ද්‍රව්‍ය පවතින්නේ ඒ අතර මැදයි. සමහර මත්ද්‍රව්‍ය නීත්‍යානුකූල වුවත්, ඒවායේ භාවිතය හෝ විකිණීම සීමා කරන නීති තිබෙනවා. අනෙක් ඒවා භාවිතා කිරීම, සන්තකයේ තබා ගැනීම හෝ නිෂ්පාදනය කිරීම නීති විරෝධීයි. 

ඕස්ට්‍රේලියාවට මත්ද්‍රව්‍ය ආනයනය කිරීම හෝ ගෙන ඒම බරපතල වරදක් වන අතර දඬුවම්වලට සිරගත කිරීම ද ඇතුළත් වෙනවා. අනෙකුත් වැරදි අතරට නීති විරෝධී මත්ද්‍රව්‍ය තබා ගැනීම, වගා කිරීම, අස්වැන්න නෙළීම, විකිණීම හෝ භාවිතා කිරීම ඇතුළත් වෙනවා. 

මත්ද්‍රව්‍යවල බලපෑම පවතිද්දී රිය පැදවීම, තහනම් කරන නීති සහ පොලිසිය විසින් කළමනාකරණය කරනු ලබන අහඹු පරීක්ෂණ මධ්‍යස්ථාන ද තිබෙනවා. අතරමගදී වාහනය නවත්වා, මත්ද්‍රව්‍යවල බලපෑම යටතේ රිය පැදවීම තහනම් කරන නීති සහ පරීක්ෂණ සඳහා සාම්පලයක් ලබා ගැනීමට පොලීසියට නීත්‍යානුකූලව අවස්ථාව තිබෙනවා. 

නීති සහ දඬුවම් එක් එක් states සහ territories අතර වෙනස් වෙනවා. නියමකරන ලද ඖෂධ (prescription drugs) ලබා ගැනීමෙන් පසු රිය පැදවීම සම්බන්ධයෙන් ද ප්‍රවේශම් විය යුතුයි. වැඩි විස්තර සඳහා, www.drugs.health.gov.au වෙත පිවිසෙන්න.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025