ඉතිහාසයේ වඩාත්ම විස්මිත ගුවන් අනතුරක් ගැන තමයි මේ කියන්න හදන්නේ. මේක සිද්ද වුණේ වෙන කොහෙවත් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ.
1940 දී, රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ (Royal Australian Air Force) කුඩා ගුවන් යානා දෙකක් New South Wales වල Brocklesby අහසේදී එකිනෙකට ගැටුණා. Planes 2ක් එකිනෙකට හප්පුනාම මොකද වෙන්නේ? එහෙම අවස්තාවක planes 2ම කඩා වැටීම ඉතාම සාමාන්‍ය දෙයක්. අහසින් කඩා වැටෙනවා වෙනුවට ඒවා එකිනෙකට සම්බන්ධ වෙලා ආරක්ෂිතව ගොඩ බැස්සා. ඒක නිසා තමයි මේක ලෝකයේ වඩාත් පුදුම සහගතම ගුවන් අනතුරක් වෙන්නේ.
මෙහෙම Avro Ansons දෙක එකිනෙක ගැටුණ විට, එකකට එහි එන්ජින් අහිමි වූනත් තමන්ව පාලනය කර ගැනීමට සමත් වුණ අතර යානය යානයේ ailerons සහ flaps භාවිතා කරමින් එය පහළට කඩා වැටුණා. ඒ වගේම ඉතා වාසනාවන්ත ඉදිහට නියමුවන් හතර දෙනාම මේ හදිසි ගොඩබෑමෙන් දිවි ගලවා ගත්තා.