ලංකාවේ NGO එකක වැඩ කරන්න දෙන Visa මෙන්න

  • Home
  • /
  • Blog
  • /
  • ලංකාවේ NGO එකක වැඩ කරන්න දෙන Visa මෙන්න

ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන/රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන සහ සේවය කිරීමට කැමති ඔස්ට්‍රේලියානුවෙක් වන ඔයාට ගැලපෙන visa පහසුකම් ගැන තමයි අපි අද කතා කරන්නේ.

NGO/INGO සංවිධානවලට අනුයුක්ත විදේශිකයන්ට visa ප්‍රදානය කිරීමේදී අනුගමනය කල යුතු මාර්ගෝපදේශ මාලාවක් ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දී තිබෙනවා.

එම මාර්ගෝපදේශවල දක්වා ඇති ප්‍රධාන අවශ්‍යතා කිහිපයක්;

1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත යටතේ ලියාපදිංචි වී වීසා ලබා ගැනීමට කැමති සියලුම ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන/රාජ්‍ය නොවන සංවිධාන, සංවිධානයේ ලියාපදිංචිය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ NGOs/INGOs ලියාපදිංචි සහතිකය සහ අවබෝධතා ගිවිසුම ඉදිරිපත් කළ යුතුයි.

එම අවශ්‍යතා සපුරාලන සංවිධාන සඳහා පමණක් වීසා බලපත්‍ර සකස් කරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ NGO/INGO ආයතනවල සේවය කිරීමට අදහස් කරන සියලුම විදේශීය ජාතිකයින් මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් prior visa/entry visa සඳහා ඉල්ලුම් කළ යුතුයි.

රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයාගේ නිර්දේශය මත, entry visa දරන විදේශිකයන් සඳහා ආගමන හා විගමන පාලක ජනරාල් විසින් Residence visas නිකුත් කරනු ලබන අතර, එය අවම වශයෙන් වසරක කාලයකට යටත් වෙනවා. පළමු වසරෙන් ඔබ්බට ශ්‍රී ලංකාවේ සේවය කිරීම සඳහා විදේශිකයන් සඳහා Residence visas දීර්ඝ කිරීම සිදු වෙන්නේ උපරිම වසර 3ක කාලයක් දක්වා පමණයි.

Tourist visas දරන විදේශීය ජාතිකයන් Residence visas ලබා දීම සඳහා නිර්දේශ කිරීමක් හෝ සලකා බැලීමක් කෙරෙන්නේ නැහැ.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025