වසරේ උණුසුම්ම දින සඳහා ඔයා සූදානම්ද? දැනටමත් වැඩි වෙමින් පවතින උෂ්ණත්වය ගැන අනාවැකි පල කර තිබුණා.
මේ ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය දැනටමත් 45C දක්වා ඉහළ යමින් තිබෙනවා.
වොෂින්ටනයේ Pilbara සිට දකුණු ඕස්ට්‍රේලියාවට උණුසුම් වායු රැල්ලක් ගමන් කරමින් තිබෙනවා. ඔක්තෝබර් මාසයක දී ඕස්ට්‍රේලියාවේ ඕනෑම ප්‍රදේශයක් මෙම උෂ්ණත්වයට ළඟා වූ අවසන් අවස්ථාව වාර්තා වෙන්නේ 2014 දී සහ 2004 දී.
පසුගිය බදාදා දින නගරයේ බටහිරින් 38C දක්වාත්, නගරයේ 34C දක්වාත් උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කර තිබුණා.
2024 මැයි සිට 2025 මැයි දක්වා කාලය තුළ, බිලියන 4 ක ජනතාවට සාමාන්‍යයෙන් බලාපොරොත්තු වුනාට වඩා අධික තාපය සමඟ පොරබදන්නට සිදු වුණා.
ඇතැම් දෙනා පවසන්නේ spring සහ autumn ඍතු නොමැති ලෝකයක් අප වෙත ළඟා වෙමින් පවතින බවයි.
සියවස අවසන් වන විට අස්වාභාවික උෂ්ණත්වය සහිත අමතර දින 30 ක් ලැබෙනු ඇති බව වාර්තාව තර්ක කරනවා. සමහර ස්ථානවල, එම සංඛ්‍යාව 57 ක් තරම් ඉහළ අගයක් ගනු ඇති.
මේ සියල්ලෙන් පෙනී යන්නේ ගෝලීය උෂ්ණත්වය අවම කිරීම සඳහා වන අන්තර්ජාතික එකඟතා කිසිවක් හරියට ඉටු නොවෙන බවයි.